හිමා දාස් පරාජය වූ ඉන්දු ග්‍රෝන්ප්‍රී තෙවැනි අදියරේ සුපිරි දක්ෂයන් කිහිප දෙනෙකුම පරාජයට

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala

ඉන්දියානු මලල ක්‍රීඩා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබව ග්‍රොන් ප්‍රී තරගාවලි මාලාවේ තුන්වැනි අදියර එරට පන්ජාබි හී දී පසුගිය සෙනසුරාදා (02) පැවැත්විණ.

සම්පූර්ණ ප්‍රථිඵල සටහන

එහිදී සුවිශේෂී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට පරාජයට පත්වීමට සිදුවීම විශේෂත්වයක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී වැඩි අවධානයක් දිනාගත් ප්‍රථිඵලයක් වූයේ, ලෝක ශූරතා කණිෂ්ඨ පදක්කම් ලාභිනියෙකු මෙන්ම ඉන්දීය මීටර් 400 කාන්තා වාර්තාව හිමි හිමා දාස්ට පළමු ස්ථාන තුනට හෝ පැමිණීමට අවස්ථාව නොලැබීමයි.

ආසියානු ක්‍රීඩා උළෙලේ දී, රන් පදක්කම දිනාගත් මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවක වූ වී.කේ. විස්මයා සෙසු සාමාජිකාවක වූ රාජූ පූවම්මා පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්තාය.

හිමා දාස් සිව්වැනි ස්ථානයට පත් කරමින් ප්‍රාචී විසින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ප්‍රථිඵලය හා වීඩියෝව

1 VISMAYA VK 151 14/05/97 KERALA 0:53.80
2 M R POOVAMMA 141 05/06/90 KARNATAKA 0:54.06
3 PRACHI . 201 20/12/96 UTTAR PRADESH 0:54.49
4 HIMA DAS 107 09/01/00 ASSAM 0:55.19
5 ANJALI DEVI 118 15/09/98 HARYANA 0:55.98
6 SUBHA V 186 31/08/99 TAMIL NADU 0:56.07

මෙහි මීටර් 400 පිරිමි ඉසව්ව තරග දෙකක් ලෙස පැවැත්වු අතර, පළමු තරගයට සහභාගීවූ  ඉන්දීය මීටර් 400 වාර්තාව හිමි මොහොමඩ් අනාස්ට අරෝකි රජිව් හමුවේ පරාජයට පත්වීමට සිදුවිය.

තරග ප්‍රථිඵලය පහතින්

1 AROKIA RAJIV 194 22/05/91 TAMIL NADU 0:46.32
2 MUHAMMED ANAS Y 152 17/09/94 KERALA 0:46.60
3 JEEVAN. K.S 144 26/01/93 KARNATAKA 0:46.75
4 KUNHU MUHAMMED 156 05/03/87 KERALA 0:46.79
5 R. RAJESH 193 28/03/99 TAMIL NADU 0:57.80
DHARUN AYYASAMY 188 31/12/96 TAMIL NADU DNS

මීටර් 800 පිරිමි ඉසව්වේ දී, ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම හිමිකරගත්, මන්ජිත් සිංට ද පරාජය වීමට සිදු විය.

තරග ප්‍රථිලය පහතින්

1 MD. AFSAL 217 03/02/96 KERALA 1:49.48
2 MANJEET SINGH 215 01/09/89 HARYANA 1:49.82
3 ANKIT . 213 01-12-99 HARYANA 1:50.11
4 JITHU BABY 153 01/04/93 KERALA 1:51.05
5 SUKHANPREET SINGH 177 30/04/98 PUNJAB 1:51.26
6 AJAY PRAJAPAT 182 22/08/00 RAJASTHAN 2:15.11

මෙම තරගාවලි සඳහා ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රිද්මය පරීක්ෂා කිරීමට හා පුහුණු තරග ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් මෙවැනි අවම දක්ෂතා දැක්වීම දැක ගත හැකි වේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org