Video: අමාෂා ද සිල්වා වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියක අවසන් තරගයට
|ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම්වල නිරත වන අමාෂා ද සිල්වා අද පැවැති මීටර් 100 මූලික වටයේ තරගයක් ජය ගනිමින් වික්ටෝරියා ප්‍රාන්ත තරගාවලියක් වන (Coles AV State Track & Field Championships) යේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තාය.
ඇය මෙම වසර තුළ සහභාගීවූ තුන්වැනි තරගය මෙය වන අතර, තරග ත්‍රිත්වයේ දීම තත්පර 12 ට අඩු සාමාන්‍ය තරග නිමි කාලයක් වාර්තා කිරීම සැලකිල්ලට ගත යුතුය.
ඇය සහභාගී වූ පළමු තරගයේ දී සුළඟේ ආධාරය (+4.7) ඇතිව තත්පර 11.66 ක කාලයක් වාර්තා කළ අතර, දෙවැනි තරගයේ දී තත්පර 11.90 ක කාලයක් වාර්තා කළේය.
මේ තරග, පුහුණු තරග ලෙස පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රිද්මය හඳුනාගැනීමට හා පුහුණුවීමේ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් පැවැත්වේ.
අමාෂා සහභාගීවූ අද තරගය හා තත්පර 11.90 ක දක්ෂතාව දැක්වූ තරගයේ වීඩියෝ පහතින්.