හලාවතින් පායන කෙටි දුර ශූරයා මිලින්ද

By www.ceylonathletics.com | | Featured Articles, Sinhala

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ශෙමාල් මිලින්ද පෙරේරා හැඳින්විය හැකය.

මීටර් 100 ඉසව්ව තත්පර 10.80 ක කාලයකින් අවසන් කරමින්, හා මීටර් 200 ඉසව්ව තත්පර 22.22 ක කාලයකින් අවසන් කරමින්, යොවුන් (වසර 18 න් පහළ) වේගවත්ම ක්‍රීඩකයා වීමට ඔහු සමත් විය.

මීටර් 100 තරගය

මීටර් 200 තරගය

හලාවත රදගුරු එඩ්මන් පීරිස් විද්‍යාලයෙන් මූලික සිප් සතර හදාරා ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළුවන ශෙමාල් මලල ක්‍රීඩාවට යොමුවන්නේ 12 හැවිරිදි වියේ දී, කුමාරසිංහ පීරිස් පුහුණුකරු යටතේයි.

ඉන් පසුව, ශාන්ත මරියා විද්‍යාලයට අනුයුක්තව සේවයට පැමිණි සුමුදු ඉෂාන් මහතා වර්ථමානයේ ත් ශෙමාල්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

පවුලේ එකම දරුවා වන ශෙමාල්ගේ පියා විදෙස් රටක රැකියාව කරන අතර, මව ගෘහණියක්.

ජපානයේ ලැබූ කෙටි කාලීන පුහුණුවකට ද පසුගිය වසරේ දී සහභාගී වූ ශෙමාල්ගේ අරමුණව ඇත්තේ, හොංකොං හී දී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී, මව්බිමට කුමන හෝ පදක්කමක් දිනා දීමයි.

2016 වසරේ දී, සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී, වයස අවුරුදු 16 න් පහළ මීටර් 100 හා 200 ඉසව්වල වාර්තා තමන් සතු කරගනිමින් ජාතික තලයේ ජයග්‍රහණ ඇත්කරගැනීම ඇරඹි ශෙමාල් පසුගිය වසර දෙක තුළ දක්ෂතා රැසක් දැක්වීමට සමත් විය.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඔහුගේ ඉහළම දක්ෂතාව දැක්වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

පසුගිය කාලයේ සහභාගීවූ තරග කිහිපයක්

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org