තහනම් උත්තේජක සම්බන්ධයෙන් පුහුණුකරුවන් සෘජුව වගකිව යුතුයි – දමයන්ති දර්ශා

By www.ceylonathletics.com | | Latest News, Sinhala

තහනම් උත්තේජක භාවිත කරමින් තරග වැදීම මේ දිනවල මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

තහනම් උත්තේජක නිවාරණය හා වැලැක්වීම සඳහා වන දේශීය වැඩ පිළිවෙලේ අඩු පාඩු සහිත බව මේ සම්බන්ධයෙන්, අදහස් දක්වමින් ආසියානු පදක්කම් ලාභී දමයන්තී දර්ශා පවසා සිටියි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්ට මේ සම්බන්ධයෙන් ඇති දැනුම සම්බන්ධයෙන් ද ගැටලු ඇති බව ඇය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින්, තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ ද, මෙම තත්ත්වයේ අඩුවක් නොපෙනෙන බව දර්ශා වැඩිදුරටත් සඳහන් කළේය.

තහනම් උත්තේජක ලබා ගත් අවස්ථාවක ක්‍රියාත්මක කරන නීති රීතිවල අඩුපාඩු හේතුවෙන් බොහොම පහසුවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් වගේම පුහුණුකරුවන් ගැලවෙනවා. ඔවුන් ඔවුන්ගේ අනාගතය ගැන සිතනවාට වඩා කෙටිකාලීන අවශ්‍යතා ගැන වැඩි අවධානයක් යොමුකරනවා. ඔවුන්ගේ පුහුණුකරුවන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සැබෑ තත්ත්වය වටහා ගැනීමට සහාය විය යුතුයි.

එසේම, වර්ථමාන මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිටින පුහුණුකරුවන් සම්බන්ධයෙන් ද දමයන්තී දර්ශා සඳහන් කළාය.

බොහෝමයක් පුහුණුකරුවන් වෘත්තීය මට්ටමට පැමිණ නැහැ. වෘත්තීය පුහුණුකරුවන් බොහෝ දෙනෙක් මේවනවිට වයසට ගිහිල්ල. වර්ථමානයේ සිටින සමහර පුහුණුකරුවන්ට, පුහුණුකරුවෙකු වීමේ සුදුසුකමක් නැහැ. දැන් බොහෝ දෙනා අන්තර් ජාලය හරහා කුමක් හෝ පාඨමාලාවක් කර පුහුණුකරුවෙකු ලෙස සේවය කරනවා. තහනම් උත්තේජක භාවිතයේ දී ක්‍රීඩකයාට වගේම පුහුණුකරුටත් වගකීමක් තියනව. දැන් සිටින බොහෝ අය එහි ප්‍රතිවිපාක ගැන අවබෝදයකින් තොරයි.

ක්‍රීඩකයෙකු පුහුණුකරනවා වගේම, ඔවුන්ගේ ගුණාංග වර්ධනය, විනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙන්ම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම පුහුණුකරුවෙකුගේ වගකීමක්. ඒ වගේ පුහුණුකරුවන් වර්ථමානයේ සොයාගන්න බෑ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගන්නවා වගේම, ඔවුන්ව ආරක්ෂා කිරීමේ වගකීමත් පුහුණුකරු සතුයි.

තහනම් උත්තේජකවලට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශයත්, ක්‍රීඩා සංගම් හා ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය එක්ව සාමූහික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් දමයන්තී දර්ශා පැවසීය.

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් සැබෑ දක්ශයින්, සැබෑ දක්ෂතාවන්ගෙන් පරිපූර්ණ වීමට නම් ඉහත කාරණාගැන වහාම අවධානය යොමු කළ යුතුව තිබේ.

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org