යොවුන් හා ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලි සඳහා දින නියම වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම තෝරාගැනීමේ තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස අවසන් සතියේ සුගතදාස ක්‍රීඩාගණයේ දී පැවැත්වීමට දින නියමවී තිබේ.

ඒ අනුව ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පෙබරවාරි මස 23 සිට 25 දක්වා පැවැත්වෙන අතර, වයස අවුරුදු 18 න් පහළ යොවුන් කණ්ඩායම වෙනුවෙන් තේරීම් තරගාවලිය ජනවාරී මස 19 වැනි දා පැවැත්වීමට නියමිතය.

ලබන වසරේ අප්‍රේල් මස 21 සිට 24 දක්වා කටාර් හීදී පැවැත්වෙන ආසියානු ශූරතාවලියට ජ්‍යේෂ්ඨ කණ්ඩායම තෝරාගැනීමට මෙම තේරීම් තරගාවලියේ දී සිදුකරනු ලබන අතර,  හොංකොං හී දී මාර්තු 14 සිට 17 දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට යොවුන් තේරීම් තරගාවලියෙන් කණ්ඩායම තෝරාගැනීමට නියමිතවේ.

ලබන වසරේ පැවැත්වෙන ආසියානු කලාපයේ මලල ක්‍රීඩා තරගාවලි

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය – හොංකොං – මාර්තු 14-17

ආසියානු තරග ඇවිදීමේ ශූරතාවලිය – ජපානය – මාර්තු 17

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය – කටාර් – අප්‍රේල් 21-24

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය – චීනය – ජූනි 4 හා 7 වැනි දින.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org