අමාත්‍යංශ උපදේශිකා සුසන්තිකාට ක්‍රීඩා ලෝලීන්ගෙන් විරෝධය
|පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දිය යුතු පහසුකම් හා මූල්‍ය ආධාර සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන්, සුසන්තිකා ජයසිංහ මහත්මියට විරෝධතාවක් ක්‍රීඩා ලෝලීන් වෙතින් එල්ල වී තිබේ.
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනාගත් පාරමී මාරිස්ටෙලා විසින් ඇයට විඳින්නට සිදුවූ දුක් ගැහැට හා ලැබුණු බොරු පොරොන්දු සම්බන්ධයෙන් මාධ්‍යවෙත කළ ප්‍රකාශවලට පිළිතුරු ලෙස සුසන්තිකා ජයසිංහ විසින් මෙම අදහස් පළ කර තිබේ.
ඇය පළ කළ අදහස් බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. දුෂ්කර ගමනකින් පසු ජාත්‍යන්තරය ජයගත් සුසන්තිකා ජයසිංහ වැන්නෙකු විසින්, යොවුන් ක්‍රීඩිකාවකගේ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කර ඇත බව බහුතර මතයයි.
එසේම බළධාරීන් විසින්, මලල ක්‍රීඩාව වෙනුවෙන් උපරිම පහසුකම් සලසා ඇති බව ද ඇය මෙහි දී පෙන්වා දේ. නමුත් අප වගකීමෙන් සඳහන් කරන්නේ, මලල ක්‍රීඩාව වෙනුවෙන් මෙතෙක් ලැබුණු පහසුකම් හෝ පසුගිය මාස කිහිපය තුළ ලබා දීම අමත්‍යංශය විසින් පැහැර ඇති බවය.
අැයගේ ප්‍රකාශයන්ගේ වීඩියෝ පහත දැක්වේ.