පොඩි හැන්දෙන් බෙදන මලල ක්‍රීඩාවෙන්ම නැවතත් ලෝක පදක්කමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

2018 වසර මෙරට මලල ක්‍රීඩාවේ නව ප්‍රබෝදයක් එක් කළ වසරක් ලෙස වාර්තා අතරට එක්වනු නොඅනුමානය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල, දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය, ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, ආසියානු ක්‍රීඩා උළෙල,  ආසියානු පැරා ක්‍රීඩා උළෙල හා යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෙස ජාත්‍යන්තර තරගාවලි රැසකින් වර්ණවත් වූ වසරේ, මලල ක්‍රීඩකයන් ඒ සියලු තරගාවලිවල උපරිම දක්ෂතා දක්වමින් මලල ක්‍රීඩාවට වටිනාකමක් එක් කළේය.

වසර තුනක් පමණ ප්‍රමිතියකින් යුතු කෘතීම ධාවන පථයක් නොමැතිව දුශ්කරතා මග හරමින් අවම පහසුකම් යටතේ දක්ෂතා ප්‍රගුණ කරගනිමින් ආසියාව හා ලෝකය හා කරට කර ක්‍රීඩා කළ මලල ක්‍රීඩකයන්ට දැන්වත් නිසි වටිනාකමක් ලබා දෙමින්, අවශ්‍ය පහසුකම් සැලසීමට කාලය පැමිණ තිබේ.

මෙරට ක්‍රීඩාව සංවර්ධනය කරන මුවාවෙන්, ගොඩනැගිලි වලට මුදල් යොදවන ක්‍රීඩා සංවර්ධනයේ මහ මොළ කරුවන්ට, සුගතදාස ක්‍රීඩාංගණයට අමතරව කෘතීම ධාවන පථයක් ඉදි කිරීමට අවධානය යොමුව නැත.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් ඉදිකළ නාවලපිටිය, දිගන, කිලිනොච්චිය, යාපනය, අනුරාධපුර, මාතර, රත්නපුර, පඩුවස්නුවර, බෙලි අත්ත, පොළොන්නරුව, බදුල්ල ක්‍රීඩා සංකීර්ණ කිසිවකට කෘතීම ධාවන පථයක් එක් කිරීමට අවධානය යොමුව නැත. ගොඩනැගිලි විරාජමානව ඇතත්, මලල ක්‍රීඩකයෙකුට අත්‍යාවශ්‍යවන ධාවන පථයක් ඉදි කිරීම ඵලරහිත බව ඔවුන් සිතුවාට සැක නැත‍

ටොරින්ටන් ක්‍රීඩාංගණය ද සංවර්ධනය කරන මුවාවෙන් තිබූ ගොඩනැගිල්ලක් ඉවත්කොට නැවත ගොඩනැගිල්ලක් ඉදිකරද්දී, ධාවන පථයේ තණ කොළයක් සිටුවීමට අවධානය යොමුවන්නේ නැත‍

මේ අතර, ජාතික ඔලිම්පික් කමිටුව ද මලල ක්‍රීඩාවට දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලකි.

අතීතයේ සිට, ලෝක මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා දී ඇති මලල ක්‍රීඩාවට අඩු සැලකිල්ලක් දැක්වුව ද, අද වන විට මලල ක්‍රීඩාවෙන් නැවත ජයග්‍රහණයක් ලැබී තිබේ.

දැන්වත්, මලල ක්‍රීඩාව සංවර්ධනයට අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරමු.

ගොඩනැගිලි මගින් සංවර්ධනය නොපෙන්වා, දරු දැරුයන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා සඳහා අවධානය යොමුකළ යුතුය.

මෙතෙක් නොයෙක් ආකාරයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වල දී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් ලබා ඇති පදක්කම්, පහත පරිදි වේ.

පාරමී වසන්ති මාරිස්ටෙලා – ලෝකඩ පදක්කම- 2000m බාධක දිවීම
03 වෙනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ- ආර්ජන්ටිනාව – 2018
දිනේෂ් ප්‍රියන්ත හේරත්- ලෝකඩ පදක්කම- හෙල්ල විසිකිරීම F46
15 වෙනි පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ- බ්‍රසීලය – 2016
ප්‍රදීප් සංජය- තඹ පදක්කම- 400m දිවීම T46 –
4 වෙනි පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ- එංගලන්තය – 2012
සුසන්තිකා ජයසිංහ- රිදී පදක්කම- 200m
24 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ- ඔස්ට්‍රේලියාව – 2000
ඩන්කන් වයිට්- රිදී පදක්කම- 400m කඩුලු පැනීම
11 වෙනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ- එංගලන්තය – 1948

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org