ආසියානු පැරා: ඉන්ද්‍රපාලගෙන් රන් පදක්කමක්, ලාල්ගෙන් ලෝකඩ පදක්කමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලාල් පුෂ්පකුමාර රන් පදක්කම දිනාගත් උස්බකිස්තාන ක්‍රීඩකයා සමගින්.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව දින තුනක් අවසන රන් පදක්කම් තුනක් අතුළුව සමස්ත පදක්කම් 10 ක් තමන් සතු කරගැනීමට සමත් විය.

අද දිනය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට දිනයේ පළමු පදක්කම දිනා දුන්නේ ලාල් පුෂ්පකුමාරයි.

පාදයක ආබාද සහිත වූ වන් වෙනුවෙන් පැවති පිරිමි T64/44 උස පැනීමේ ඉසව්වෙන් ලාල් පුෂ්පකුමාර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

උස්බකිස්තාන ක්‍රීඩකයෙකු රන් පදක්කම දිනාගත් අතර, රිදී පදක්කම දිනාගත්තේ ආසියානු වාර්තාව හිමි ජපාන ක්‍රීඩකයායි.

ලාල් පුෂ්පකුමරා මීටර් 1.76 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම හිමිකරගත්තේය.

මේ අතර, අද පස්වරුවේ පැවති තරග අතරින් චරිත බුද්ධික ඉන්ද්‍රපාල ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වැනි රන් පදක්කම දිනා දීමට සමත් විය.

පාදයක් ආබාද වූවන් වෙනුවෙන් පැවති පිරිමි T42/T61/T63 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.36 ක දක්ෂතාවක් දක්වමින් චරිත ඉන්ද්‍රපාල මෙම රන් පදක්කම දිනා ගත්තේය.

අද පැවැති සෙසු තරග වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවූ ස්ථාන පහත පරිදි වේ.

PRADEEP SOMASIRI – 8th – Men’s 100M T45/46/47
NUWAN INDIKA 4th & MADURANGA ALWIS 5th in Men’s 100M T44/T62/64

THISARA JAYASINHA 5th in Women’s Javelin Throw F57
KUMUDU PRIYANKA 7th in Women’s 100M T45/46/47

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org