ඔලිම්පික් ශූරිය සුසන්තිකාට උපදේශක තනතුරක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ අද ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශකවරිය ලෙස වැඩ භාරගත්තේය.

මීට පෙර ඇයව සුගතදාස ක්‍රීඩාංගණ අධිකාරියේ අධ්‍යක්ෂවරියක් ලෙස ද පත් කිරිමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබිණ.

පසුගිය කාලයේ දී තමන් ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඇගයීමට ලක් නොවූ බවත් ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධවීම තුළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසාධාරණයට ලක් වූ බව සුසන්තිකා ජයසිංහ මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත.

පසුගිය කාලයේ දී තමන් ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ක්‍රීඩාවේ අභිවෘද්ධියට සේවයක් ලබා නොගත් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org