Video: ෆයිනල්වත් එන්න බැරුව කැපුණ – හැමදාම පුහුණුකරුට එන්න අවස්ථාව දෙන්නෙ නෑ – නිමාලී

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories, Videos

පසුගිය වසරේ දී ඉන්දියාවේ ඔඩිෂාහීදී පැවැති ආසියානු ශූරතා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් නිමාලී ලියනාරච්චිට අද පැවති ආසියානු ක්‍රීඩා උළෙල් මීටර් 800 මූලික ඉසව්වෙන්ම ඉවත්වීමට සිදුවිය.

ඇය තරගයෙන් පසුව අදහස් දක්වමින් කියා සිටියේ ඇය සහභාගීවූ තරගය මූලික වටයේ තරග අතරින් අපහසුම තරගය වුවත් තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා පුහුණුකරුනොමැතිවීම අභාග්‍යයක් වූ බවයි.

මෙම තරගාවලියට පුහුණුකරුවන් තිදෙනෙකු නිළවශයෙන් සහභාගී වන අතර, තවත් පුහුණකරුවෙකු අමාත්‍යවරයා හරහා විශේෂ අවසරයක් හා අනුග්‍රහයක් සමග තරගාවලිය එක්වේ.

නමුත්, පසුගිය වසරේ ආසියානු ශූරතාවලියේ මෙන්ම ආසියානු ගෘහස්ත තරගාවලියේ පදක්කම් ලැබූ නිමාලී ලියනාරච්චි, රුමේෂිකා රත්නායක හා ඉඳුනිල් හේරත්ට තම පුහුණුකරුවන් සමගින් මෙම තරගාවලියට සහභාගීවීමට වරම් හිමි නොවීය.

ඇත්තෙන්ම පුහුණුකරුවෙකු සිටීම, තරගයකට වාසිදායක ද ? මෙම ගැටලුවට ජාත්‍යන්තර මෙන්ම තරගකාරී තරගාවලියකට සහභාගී වූ ඕනෑම ක්‍රීඩකයෙකුගෙන් හෝ ක්‍රීඩිකාවකගෙන් කරුණු විමසූ විට පිළිතුර ලබා ගත හැක.

මේ නිමාලී තරගයෙන් පසුව අපසහගින් පළකළ අදහස්. 

https://www.facebook.com/CeylonAthletics/videos/494760304323904/

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org