ඉන්දියාවේ ටින්ටු ලූකා ඉවතට, නිමාලීට හා ගයන්තිකාගේ පදක්කම් සිහිනය සැබෑ වෙයි ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඉන්දියාවේ මීටර් 800 ඉසව්වේ අංක එකේ ක්‍රීඩිකාව වන ටින්ටු ලූකාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව ආබාදයක් හේතුවෙන් අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එසේම ඉන්දියාව නියෝජනය කරමින් මීටර් 800 කාන්තා ඉසව්වට වෙනත් ක්‍රීඩිකාවක් ද  නම් කර නොතිබීම විශේෂත්වයක් වේ.

ඒ අනුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට සහභාගීවන ක්‍රීඩිකාවන් අතරින් මෙම වසරේ දක්ෂතා අනුව නිමාලී ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න පිලිවෙලින් සිව්වැනි හා පස්වැනි ස්ථාන වල පසුවෙයි.

ඔවුන් දෙදෙනාම පසුගිය වසරේ දී, දැක්වූ උපරිම දක්ෂතාවන් මේවනතෙක් මෙම වසරේ දැක්වීමට අපොහොසත් විය.

යම් හෙයකින් ඔවුන් දෙදෙනා උපරිම දක්ෂතා අතරට ආසියානු ක්‍රීඩා උළෙලේ දී පිවිසීමට සමත් වුවහොත්, පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බව අතීත වාර්තා හා වත්මන් දක්ෂතා සසඳා බැලීමේ දී උපකල්පනය කළ හැක.


මෙම වසරේදී ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා අනුව ඉහළම දක්ෂතාව දක්වමින් පෙරමුණේ පසුවන්නේ මොරොක්කෝවෙන් 2016 වසරින් පසුව බහරේන් රාජ්‍යය නියෝජනය කිරිමේ වරම් ලද MANAL ELBAHRAOUI ක්‍රීඩිකාවයි.

ඇය 2:02.23 හා 2:02.94 ලෙස මෙම වසරේ දී උපරිම දක්ෂතාවන් දක්වා තිබේ.

ඊට අමතරව ජපාන ක්‍රීඩිකාවන් තිදෙනෙකු නිමාලි හා ගයන්තිකාට වැඩි දක්ෂතා දක්වා ඇතත් ඉන් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ වරම් ලබා ඇත්තේ, Yume KITAMURA හා Ayano SHIOMI යන ක්‍රීඩිකාවන් දෙදෙනාට පමණි. (විදෙස් ක්‍රීඩිකාවන්ගේ නම් නියමාකාරයෙන් විශ්ලේෂණය හා අධ්‍යනය කිරීමේ පහසුව පිණිස ඉංග්‍රීසි භාෂාවෙන්ම පළ කරමු)

මෙහි දී, Yume KITAMURA 2:02.54 ක උපරිම දක්ෂතාවක් මෙම වසරේ දක්වා ඇත්තේ, ඇය මෙම වසරේ සහභාගීවූ තරග 8 ක් තුළදීය. ඇයගේ පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස සටහන් වන්නේ පසුගිය වසරේ දී දැක්වූ 2:00.92 ක දක්ෂතාව වේ.

මීට අමතරව Ayano SHIOMI නම් ජපන් කණිෂ්ඨ ක්‍රීඩිකාව මෙම වසරේ දී තරග 10 කට සහභාගීවී 2:02.71 ක පුද්ගලික හොඳම දක්ෂතාව දක්වා තිබේ.

ඒ අනුව ගත් කළ නිමාලී ලියනාරච්චී හා ගයන්තිකා අබේරත්න සිය පුද්ගලික හොඳම කාලය වාර්තා කළ හොත් දෙදෙනාටම පදක්කම අතරට පිවිසීමේ අවස්ථාව හිමිවණු ඇත.

2:02.58 ක පුද්ගලික හොඳම කාලයක් වාර්තා කර ඇති නිමාලී මෙම වසරේ දී ප්‍රධාන පෙළේ තරග 6 කට පමණක් සහභාගී වෙමින් 2:04.04 ක උපරිමයක් දක්වා ඇති අතර 2:02.55 ක පුද්ගලික හොඳම කාලය හිමි ශ්‍රී ලංකා වාර්තාව හිමි ගයන්තිකා අබේරත්න මෙම වසරේ දී තරග 5කට පමණක් සහභාගී වෙමින් 2:04.16 ක උපරිම දක්ෂතාවක් දක්වා තිබේ.

මෙම වසරේ දී සහභාගීවූ තරග සංඛ්‍යාව අනුව අප ක්‍රීඩිකාවන්ට උපරිමය දැක්වීමට ලැබුණු අවස්ථාවන් අවම වී ඇති බව දැකගත හැක නමුත්, එළඹෙන තරගාවලියේ දී උපරිම දක්ෂතාව පවත්වා ගත හොත් ශ්‍රී ලංකාවට 2006 වසරින් පසුව මලල ක්‍රීඩාවෙන් පදක්කමක් ලබා ගැනීමේ ගෞරවය ඔවුන් දෙදෙනාටම හිමි වෙනු ඇත.

මෙම වසරේ දී මීටර් 800 ඉසව්වෙන් ඉහළ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවන් 

RANK MARK COMPETITOR NAT VENUE DATE
1 2:02.23 Manal BEHRAOUI BRNBRN Duffel (BEL) 21 MAY 2018 Named for Asian Games
2 2:02.54 Yume KITAMURA JPNJPN Yamaguchi (JPN) 24 JUN 2018 Named for Asian Games
3 2:02.71 Ayaka KAWATA JPNJPN Fukuroi (JPN) 03 MAY 2018 Named for Asian Games
4 2:02.73 Ayano SHIOMI JPNJPN Osaka (JPN) 20 MAY 2018 Not selected
5 2:04.04 Nimali W.K.L.A. SRISRI Colombo (SRI) 12 MAY 2018 Named for Asian Games
6 2:04.16 Gayanthika ARTIGALA SRISRI Colombo (SRI) 12 MAY 2018 Named for Asian Games
7 2:04.33 Yuki HIROTA JPNJPN Yamaguchi (JPN) 24 JUN 2018 Not selected
8 2:04.53 Shyamali KUMARASINGHA SRISRI Gifu (JPN) 09 JUN 2018 Not selected
9 2:05.03 Chunyu WANG CHNCHN Zhaoqing (CHN) 12 APR 2018 Not selected
10 2:05.68 Erina HOSOI JPNJPN Yamaguchi (JPN) 23 JUN 2018 Not selected

source: IAAF

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org