උපරිමය බලාපොරොත්තුවෙන්, ඩිල්ෂි හා පාරමී තරග බිමට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පළමු දිනය වන හෙට (10) සිට තරග බිමට පිවිසේ.

දීර්ඝ ගුවන් ගමනකින් පසුව එම විඩාවද අමතක කොට ෆින්ලන්තයට අද(09) අළුයම ළඟා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අවසන් පුහුණු සැසියට ද සහභාගී විය.

හෙට පාරමී මාරිස්ටෙලා මීටර් 3000 බාධක දිවීමේ මූලික ඉසව්වට සහභාගීවීමට නියමිතය මෙරට වේලාවෙන් මධ්‍යාහ්න 12 ට තරඟ වදිනු ඇත.

ඉතා කෙටි කාලයක දී විශාල දියුණුවක් පෙන්නුම් කළ පාරමී, කුලියාපිටිය මධ්‍යවිද්‍යාලයෙන් සිප් සතර හදාරා ක්‍රීඩාවට දායාද වූ 16 හැවිරිදි දැරියක් වීම විශේෂත්වයක් වේ.

දැනට දක්වා ඇති දක්ෂතා අනුව ( 10:21.54) අය සමස්ථ තරගකරුවන් අතර 24 වැනි ස්ථානයේ පසුවුව ද, ඇය තවදුරටත් කාලය අවම කරගත හොත් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇත.

මෑත කාලයේ දී ඇය මීටර් 3000 බාධක දිවීමේ දී දක්වා ඇති දක්ෂතා අනුව පාරමී තවදුරටත් කාලය අවම කරගනු ඇතැයි විශ්වාසය තබා ගත හැකිවේ.

මෙම වසරේ දක්ෂතා වර්ධනය කරගෙන ඇති ආකාරය

DATE COMPETITION CNT. CAT RACE PL. RESULT
28 APR 2018 Colombo Asian Games Trials SRISRI F F 2. 10:49.6h
12 MAY 2018 Colombo Asian Games Trials SRISRI F F 2. 10:37.33
09 JUN 2018 Gifu Asian Junior Championships JPNJPN C F 1. 10:21.54

ඩිල්ශි කුමාරසිංහ මීටර් 800 මූලික වටයට 

මීටර් 800  කණිෂ්ඨ ශූරය වස වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ ද සිය මූලික වටයට සහභාගීවනු ඇත. ඇයගේ ද පුද්ගලික හොඳම දක්ෂතාව ජපානයේ පැවැති ආසියානු කණිෂ්ඨ

මලල ක්‍රීඩා ශූරතාවලියේ දී වාර්තා වීම හේතුවෙන්,  ලෝක ශූරතාවලියේ දී  ද පැහැදිලි දක්ෂතා වර්ධනය කරගැනීමක් අපේක්ෂා කළ හැකි වේ.

හෙට(10) මෙරට වේලාවෙන් පස්වරු 1ට ඇය සිය මූලික වටයට සහභාගීවනු ඇත.

එම ඉසව්වට සහභාගීවීමට සුදුසුකම් ලබා ඇති ක්‍රීඩිකාවන් 44 අතරින් ඩිල්ශී පසවුවන්නේ 14 වැනි ස්ථානයේ ය.

කෙසේ වෙතත් මෑත කාලයේ දී ඇය දක්ෂතා වර්ධනය කරගෙන ඇති ආකාරය අනුව ගත් කළ අවසන් තරගයේ දී උපරිම දක්ෂතාව තවත් වර්ධනය කර ගැනීමේ අවස්ථාව ඇයට තිබේ.

මෙම වසරේ ඩිල්ෂී දක්ෂතා වර්ධනය කරගෙන ඇති ආකාරය

DATE COMPETITION CNT. CAT RACE PL. RESULT
23 APR 2018 Colombo Sri Lankan U20/U20/U18/U16 Ch. SRISRI F H2 1. 2:10.06
23 APR 2018 Colombo Sri Lankan U20/U20/U18/U16 Ch. SRISRI F F 1. 2:09.13
28 APR 2018 Colombo Asian Games Trials SRISRI F F 2. 2:10.66
06 MAY 2018 Colombo South Asian U20 Ch. SRISRI F F 1. 2:07.73
09 JUN 2018 Gifu Asian Junior Championships JPNJPN C F 3. 2:04.53

 

 

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org