කණිෂ්ඨ ලෝක ශූරතාවේදී අරුණ ගැන ලෝක ප්‍රජාවත් අවධානයෙන්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කණිෂ්ඨ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය හෙට(10) ෆින්ලන්තයේ දී ආරම්භ වන්නේ, මෙරටින් ඊට සහභාගීවන ඉහළම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය සටහන් කරමිනි.

තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතා හා සජීවී දර්ශන සඳහා පිවිසෙන්න 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු මෙවර තරගාවලියට මෙවර සහභාගීවන අතර මෙතෙක් ලෝක ශූරතා කණිෂ්ඨ තරගාවලියකට ශ්‍රී ලංකාවෙන් සහභාගීවන වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව මෙය ලෙස වාර්තා වේ.

මෙහිදී ලෝක ප්‍රජාවගේ වැඩි අවධානයක් මීටර් 400 ධාවන ශූර අරුණ දර්ශන වෙත යොමුව ඇත.

සමස්ත තරග කරුවන් අතරින් අරුණගේ හොඳම දක්ෂතාව වූ තත්පර 45.79 ක දක්ෂතාව, හොඳම දක්ෂතාවන් අතර පස්වැනි ස්ථානයේ පසුවීම විචාරකයන්ගේ අවධානය ඔහුවෙත යොමුවීමට ඉහහල්ව තිබේ.

ජැමෙයිකානු විවෘත තේරීම් තරගාවලියේ දී මීටර් 400 ඉසව්ව ජයගත් 18 හැවිරිදි ක්‍රිස්ටෝපර් ටේලර්ගේ තත්පර 44.66 ක දක්ෂතාව ඉහළම දක්ෂතාව ලෙස වාර්තා වද්දී, ක්‍රීඩකයන් 12 දෙනෙකු තත්පර 46 කට අඩු කාලයකින් තරග අවසන් කර තිබීම ද විශේෂත්වයක් ලෙස සැලකේ.

මීටර් 400 ඉසව්වේ ඉදිරියෙන් පසුවන ක්‍රීඩකයන් 12 දෙනාගේ නාම ලේඛණය.

කෙසේ වෙතත්, අරුණ දර්ශන තත්පර 45.79 ක දක්ෂතාවක් දක්වා ආසියානු කණිෂ්ඨ රන් පදක්කම දිනා ගත්තේ, පැහැදිලි දක්ෂතා වර්ධනයක් පෙන්නුම් කර ගනිමින් වීම හේතුවෙන්, ඔහුට තව තවත් කාලය වාර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) වැනි දින එරටට ළඟා වීමෙන් අනතුරුව ගමන් විඩාවද සමගින් සිය අවසන් පුහුණු සැසියට සහභාගී විය.

 

අරුණ අනිද්දා මීටර් 400 මූලික වටයටත් 12 වැනි දා අවසන් පූර්ව වටයටත් සහභාගීවනු ඇත‍

ක්‍රිස්ටෝපර් ටේලර් ජැමෙයිකානු තේරීම් තරගාවලියේ දී ජ්‍යේෂ්ඨයන් පරදවා ජයගත් අයුරු පහතින් දැක්වේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org