ඉන්දීය 400 සහාය කාන්තා කණ්ඩායමෙන් හිමා දාස් හා නිර්මලා හැලෙයි

By www.ceylonathletics.com | | International News, Latest News, Sinhala

ඉන්දුනීසියාවේ දී අගෝස්තු මස දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ඉන්දීය කණ්ඩායමේ විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ.

51 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව විසින් නම් කර තිබුණ ද, ඉන් බොහෝ පිරිසක් උපරිම දක්ෂතා දක්වා තිබුණ ද නැවත තේරීම් තරගාවලියකට සහභාගී කරවීමට එරට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ජාතික සංචිතයේ නොරැඳී පුහුණු කටයුතු සිදුකළ ඉහත සඳහන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගෝස්තු මස 15 හා 16 පැවැත්වෙන තේරීම් තරගාවලියකට සහභාගීවෙමින් පරිසාධන මට්ටම තහවුරු කළ යුතුවේ.

එමෙන්ම ජාතික පුහුණු කඳවුරේ රැඳී නොසිටි ක්‍රීඩිකාවන්ට සහාය දිවීමේ කණ්ඩායමේ ස්ථාන ලබා නොදීමට ද ඔවුන් තීරණව කර ඇත.

ඒ අනුව මීටර් 400 කාන්තා ඉස්වේ දෙවැනි වේගවත්ම ඉන්දීය ක්‍රීඩිකාව වන නිර්මලා මිටර් 400 කාන්තා සහාය ඉසව්වෙන් ඉවත් කර තිබේ.

එසේම වේගවත්ම ක්‍රීඩිකාව වන හිමා දාස් ද සහාය දිවීමේ කාන්තා කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

අප කළ විමසීමක දී තහවුරු වූයේ, හිමා දාස් මීටර් 200 හා 400 ඉසව්වලට හා මීටර් 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට සහභාගීවීම හේතුවෙන් මීටර් 400 කණ්ඩායමෙන් ඉවත් කළ බවයි.

කෙසේ වෙතත් ඉන්දියාව සතුව තත්පර 54 ට අඩු කාලයකින් දුවන තවත් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සිටීම හේතුවෙන්, ප්‍රධාන ක්‍රීඩිකාවන් දෙදෙනා නොහැතිවීමෙන් විශාල හානියක් නොවනු ඇත.

Team list-
Women-
100m – Dutee Chand
200m – Hima Das, Dutee Chand
400m- Hima Das, Nirmala (Subject to confirmatory trials)
800m- Tintu Luka (Subject to confirmatory trials)
1500m- PU Chitra, Monika Chaudhary (Subject to confirmatory trials)
5000m- Sanjivani Jadhav, L Surya
10000m- Sanjivani Jadhav, L Surya
400mH- Juana Murmu (Subject to confirmatory trials), Anu Raghvan (Subject to confirmatory trials)
3000m SC- Sudha Singh, Chinta Yadav
Long Jump- Nayana James (Subject to confirmatory trials), Neena Varakkil Pinto (Subject to confirmatory trials)
20km Race Walk- Sowmya B, Khushbir Kaur
Heptathalon- Swapna Barman, Purnima Hembram
Discus Throw- Seema Poonia, Sandeep Kumari (Subject to confirmatory trials)
Hammer Throw- Sarita Singh
Javelin Throw- Annu Rani (Subject to confirmatory trials)
4x400m Relay- MR Poovamma, Saritaben Gaikwad, Sonia Vaishya, Vijayakumari, VK Vismaya, Jisna Matthew
Men-
200m- Mohammed Anas
400m- Mohammed Anas, Rajiv Arokia
800m- Jinson Johnson, Manjit Singh
1500m- Jinson Johnson, Manjit Singh
5000m- G Lakshmanan
10000m- G Lakshmanan
400mH- Dharun Ayyasamy, Santosh Kumar
3000m SC- Naveen Kumar Dagar, Shankarlal Swami
High Jump- Chetan B (Subject to confirmatory trials)
Long Jump- Sreeshankar
Triple Jump- Arpinder Singh, Rakesh Babu
Shot put- Tejinder Toor, Naveen Chikara (Subject to confirmatory trials)
Javelin Throw- Neeraj Chopra, Shivpal Singh
20km Race Walk- Manish Singh Rawat, Irfan KT
50km Race Walk- Sandeep Kumar
4x400m Relay- Mohammed Anas, Jeevan KS, Jithu Baby, Kunhu Mohammed, Rajiv Arokia, Santosh Kumar
Mix Relay- Mohammed Anas, Rajiv Arokia, Hima Das, Poovamma.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org