කණිෂ්ඨ ලෝක ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 11 ක් පුහුණුකරුවන් 4 ක්

By www.ceylonathletics.com | | Latest News, Schools News, Sinhala

ෆින්ලන්තයේ දී ලබන මස 10 වැනි දා සිට පැවැත්වෙන ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගීවන කණ්ඩායම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට ක්‍රීඩකයන් පස්දෙනෙකු හා ක්‍රීඩිකාවන් හය දෙනෙකු ඇතුළත් වන අතර, පුහුණුකරුවන් ද සිව් දෙනෙකු ඇතුළත් ව සිටියි.

අරුණ දර්ශණ –   අකුරම්බොඩ, වීරකැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලය – 400, 4×400
පසිඳු කොඩිකාර – මලියදේව විද්‍යාලයර, කුරුණෑගල –   4×400
කේ.පී.ටී. ආර්. රවිශ්ක ඉන්ද්‍රජිත්කො – ළඹ ශාන්ත ඛෙනඩික් විද්‍යාලය  4×400
ජී.ඩී.කේ.කේ. පබසර – කොළඹ නාලන්දා විද්‍යාලය 4×400
හර්ෂ කරුණාරත්න – වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය  4×400

පාරමී වසන්තී මාරිස්ටෙලා – කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය 3000 බාධක දිවීම
අමාෂා ද සිල්වා – මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය – 100, 4×400
ඩිල්ශි කුමාරසිංහ – වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය 800, 4×400
සචිනි තාරකා දිව්‍යාංජලී – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – 4×400
රුමේෂා ඉෂාරා අත්තිඩිය – නුගේගොඩ ලියිසියම් ජාත්‍යන්තර පාසල 4×400
සඳුමිණි බණ්ඩාර – කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය  4×400

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස  අසංක රාජකරුණා, ජනිත් ජයසිංහ, කේ. ඩී. බණ්ඩාර හා එස්. පී. ද සිල්වා යන මහත්වරුන් කටයුතු කරයි. මින් පුහුණුකරුවන් තිදෙනෙකුම මීටර් 400 බාලක සහාය කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් වීම හේතුවෙන්, බාලිකා කණ්ඩායමට යම් අසාධාරණයක් සිදුව තිබේ. ඩිල්ෂි කුමාරසිංහ හා අමාෂා සිල්වා තනි ඉසව්වකට හා සහාය දිවීමේ 400 ඉසව්වට සහභාගී වුවත් ඔවුන්ගේ පුහුණුකරුවන්ට මේවනතෙක් මෙම කණ්ඩායමට නම් නොකිරීමද විශේෂත්වයක් වේ.

ජී එල් එස් පෙරේරා මහතා මෙම කණ්ඩායම භාරව කලමණාකරු ලෙස කටයුතු කරන අතර, සුනේත්‍ර කරුණානායක මහත්මිය බාලිකාවන් භාර නිළධාරිනිය ලෙස කටුයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වැනි දා දිවයිනෙන් පිටත් වීමට නියමිත වේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org