ආසියානු ශූර කණිෂ්ඨයන් ජනපති හමුවෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

පසුගිය දා ජපානයේ ගිෆූ හීදී පැවැති  කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ දෙමාපියයන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිිරිසේන මැතිතුමා හමුවිය.

මෙම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 03 ක්. රීදි පදක්කමක් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් හිමිකර ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රිඩිකාවන් සමත්විය.

ඔහුන් හමුවූ ජනාධිපතිවරයා, ඔවුනගේ අනාගත බලාපොරොත්තු සපුරාලීමට කටුයුතු කරන බවට පොරොන්දු වී තිබේ.

2018 කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් වන අකුරම්බොඩ, වීරකැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ එස්.අරුණ දර්ශණ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී.එම්.පී.එල්. කොඩිකාර, කොළඹ ශාන්ත ඛෙනඩික් විද්‍යාලයේ කේ.පී.ටී. ආර්. රවිශ්ක ඉන්ද්‍රජිත්, කොළඹ නාලන්දා විද්‍යාලයේ ජී.ඩී.කේ.කේ. පබසර, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා, වලල රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ කේ.ජී. දිල්ෂි කුමාරසිංහ, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාශා ද සිල්වා, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි තාරකා දිව්‍යාංජලී, නුගේගොඩ ලියිසියම් ජාත්‍යන්තර පාසලේ රුමේෂා ඉෂාරා අත්තිඩිය යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට එක්ව සිටියහ.

එසේම පදක්කම් දිනා ගැනීමට අපොහොසත් වූ රිද්මා නිෂාදි හා තරුඳු දසුන් ද මෙම අවස්ථාවට ආරාධනා ලැබ තිබීම විශේෂත්වයක් විය‍

පදක්කම් ලාභීන් වෙනුවෙන් කැපකරු ක්‍රමයක් පුද්ගලික ආයතන හා සම්බන්ධවෙමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රකාශ විය.

හලාවත පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාවට මෙහිදී මූල්‍යාධාරයක් ද ජනාධිපතිවරයා විසින් ලබා දී තිබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org