අධ්‍යාපන අමාත්‍යංශය හා බස්නාහිර පළාත අතර කඹ ඇදිල්ලක් ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

බස්නාහිර පළාත් මලල ක්‍රීඩා ශූරතාවලිය හෙටින් ආරම්භ වී 22 වැනි දා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දි පැවැත්වීමට නියමිත වේ.

ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ පාසල් කණ්ඩායම් සියල්ල ඊට එක්වණු ඇත.

දින හතරක් පුරා පැවැත්වෙන තරගාවලිය ලබන සිකුරාදා (22) අවසන් වීමත් සමගින් ලබන 24 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය වන සහාය දිවීමේ සැණකෙළිය බදුල්ල දී ආරම්භ වනු ඇත.

ඒ සඳහා ද බස්නාහිර පළාත නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගීවීමට නියමිතවීම මත ඔවුන් බස්නාහිර පළාත් තරගාවලිය අවසන් වූ වහාම 23 වැනි දින බදුල්ල බලා ගමන් කිරීමට අවශ්‍යවේ.

බස්නාහිර පළාත් බළධාරීන් හා අධ්‍යාපන අමාත්‍යංශ බළධාරීන් දූරදර්ශීව කටයුතු කර සාධාරණ කාලයක් ලබා දීමට කටයුතු කළ හැකි ව තිබූ බව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණූකරුවන්ගේ මතයයි.

මෙසේ එක දිගට සතියක කාලයක් තරගාවලි දෙකක් පැවැත්වීමෙන් දරුදැරියන්ගේ ඉහළ දක්ෂතා අපේක්ෂා කළ හැකිවේදැයි සැක සහිතවේ.

මින් ඉදිරියට හෝ දරු දැරියන්ගේ පහසුව සලකා බලා තරගාවලි සංවිධානය වේනම්, ඉහළ දක්ෂතා බලාපොරොත්තු විය හැකිවේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org