Video: අධ්‍යාපන කටයුතු සමගින් ක්‍රීඩාවෙන් ද ජාත්‍යන්තරය ජයගන්න වෙර දරණ ඩිල්ෂි …

By | June 16th, 2018 | Videos

ස්ථිර රැකියාවක් නොමැති පවුලක එකම දරුවා ලෙස තෙල්දෙණිය ප්‍රදේශයෙන් මෙරටට දායද වූ ඩිල්ෂී කුමාරසිංහ කණිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් තුනක් ශ්‍රී ලංකාවට හිමිකරදෙන්නේ, නව කණිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තා දෙකක් තම නම ඉදිරියේ සටහන් කරමිනි.

දැන් ඇයට ඇති එකම අභියෝගය වන්නේ, උසස්පෙළ ඉහළින් සමත්ව උසස් අධ්‍යාපනයේ දොරගුලු විවර කරගැනීමයි. පවුල් පසුබිම අනුව කිසිවෙකුට, ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමුකරන මෙන් ඇයට බල කිරීමේ හැකියාවක් නොමැත. මෙවන් දක්ෂයින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ රඳවා තබා ගැනීමට සමත් ක්‍රමවේදයක් මෙරට නොවීම ඛේදජනකය.

වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ සහයෝගය හා සෙවණ ඇයගේ දක්ෂතා ඉහළ යෑමේ තෝතැන්නවේ. නමුත්, ඇයට අනාගතය සාර්ථක කරගැනීමට නම් අධ්‍යාපනයේ රැකවරණය අත්‍යාවශ්‍යවේ.

ඩිල්ෂී පදක්කම් සටන අවසන අප සමග දොඩමලුවිය.

Asian Junior Athletics Championship 2018 – Gifu, Japan – CeylonAthletics.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org