Video: කණිෂ්ඨ ශූරියකගේ නැගණිය පාරමි – හලාවතින් පැමිණ ආසියාව ජයගත් කටකාර පාරමී කියන්නේ කවුද.. ?

By www.ceylonathletics.com | | Sinhala, Videos

ඇයගේ වැඩිමල් සොයුරිය, කණිෂ්ඨ මලල ක්‍රීඩිකවන් අතර සිටි ප්‍රමුඛ ක්‍රීඩිකාවක්, නමුත් දරිද්‍රතාවය හා පවුල් පසුබිම හේතුවෙන්ම ක්‍රීඩාව අතැර උසස් අධ්‍යාපනය තෝරාගත්තාය. හලාවත වෙරළ තීරයේ දුශ්කර දිවියක් ගෙවන පවුලක දැරියක්වන ඇය, ක්‍රීඩා කෞෂල්‍යය හේතුවෙන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය. එතැන් සිට ක්‍රීඩාව ප්‍රගුණ කරමින් යොවුන් ක්‍රීඩිකාවක් ලෙස රග්බි ක්‍රීඩාවෙන්ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම් ලැබීය. පසුගිය දා පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගනිද්දී ඇය පසුවූයේ 17 වැනි වියේ වීම පැසසිය යුතුය. වයස 20 න් පහළ බාලිකාවන්ට අභියෝගයක් වූ 17 හැවිරිදි දැරිය දැන් සිහින දකින්නේ යොවුන් ඔලිම්පික් පදක්කමක් ගෙල වටා දමා ගැනීමටයි.

“මගේ තාත්ත මාලු අල්ලන එක කරන්නෙ. මගේ තාත්ත මටයි අක්කටයි අවශ්‍ය හැමදේම ණයවෙලා හරි කරා.” – පාරමී.

දැන් රටක් ලෙස සිදුකළ යුත්තේ මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට පිඹුරුපත් සකස් කිරීමටයි. එසේ වැති වුවහොත් මැයද අක්කා ගිය මග ගොස් ක්‍රීඩාව අත් හරිනු ඇත.

Asian Junior Athletics Championship 2018 – Gifu, Japan – CeylonAthletics.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org