2006ට පසුව ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් පදක්කමක් ලබා ගැනීමට අවස්තාවක්.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට හඳුන්වාදෙන නවතම තරග ඉසව්වක් ලෙස මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වක් සම්බන්ධයෙන් අප වාර්ථා කළේය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට මිශ්‍ර 4×400 සහාය දිවීමේ ඉසව්ව ඇතුළත් කර ඇති අතර එහිදී ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හා ක්‍රීඩකයන් දෙදෙනෙකු සහාය දිවීමේ ඉසව්වට සහභාගීවනු ඇත.

මින් ඉහත ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 400 සහාය කණ්ඩායමක් ඉදිරිපත් නොකිමට ගත් තීරණය හේතුවෙන් ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණයක් ලබා දී නොතිබුණද මේවනවිට ඊට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවරගෙන තිබේ.

ආසියානු කලාපයේ මීටර 400 ඉසව්වට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාලයන් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහිදී පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් තිබේ.

ඒ, මීටර් 400 ඉසව්වේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඉහළ දක්ෂතා දක්වා තිබීම හේතුවෙන් ඉහත අවස්ථාව නිර්මාණය ව තිබේ.

ලෝක ශූරතා සහාය දිවීමේ තරගාවලියේදී මෙම ඉසව්ව ලද ජනප්‍රිය තාව හේතුයෙන් මෙම ඉසව්ව ඇතුළත් කර ඇතුවාට සැක නැත.

ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව

මෑත කාලයේ දී ශ්‍රී ලංක ක්‍රීඩක ක්‍රිඩිකාවන් මීටර් 400 දැක්වූ ඉහළ දක්ෂතාවන් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ද පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව තිබේ.

අරුණ දර්ෂන (45.79) කාලිංග කුමාරගේ (46.08) දිලිප් රුවන් (46.31) ලෙස තම උපරිමය දක්වද්දී, කාන්තා ඉසව්වේ දී, උපමාලිකා රත්නකුමාරී (53.31) නදීෂා රාමනායක (53.94) හා ඩිල්ෂී කුමාරසිංහ (54.03) උපරිමය දක්වා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කණ්ඩායම් පහ අතර සිටීම විශේෂත්වයක් වේ. එසේම කාන්තා සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් නොවීම මත ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරගාවලියේ දී මිශ්‍ර ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් උද්ගත වනු ඇත.

2006 වසරින් පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනාගැනීමට සමත් නොවූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඉසව්වෙන් හෝ පදක්කමක් දිනා ගනු ඇතැයි විශ්වාසය පළ කළ හැක.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org