25 වසරක් පැරණි මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව ඉඳුනිල් නමට ලියා ගනී

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

25 වසරකට පෙර 1993 වසරේ බංග්ලාදේශයේ පැවති දකුණු ආසියනු ක්‍රීඩා උළෙලේ දී පිහිටුවනු ලැබූ මීටර් 800 පිරිමි ශ්‍රී ලංකා වාර්තාව අද තමන් නමට ලියා ගැනීමට ඉඳුනිල් හේරත් සමත්විය.

කෙන්යාවේ පුහුණුවීම් කටයුතු සිදුකරන ඉඳුනිල්, අද එරට පැවති ජනාධිපති ශූරතාව සඳහා වූ දේශීය තරගාවලියකට සහභාගීවෙමින් මෙම දක්ෂතාව දක්වා තිබේ.

මිනිත්තු 1:47.13 ක දක්ෂතාවක් දැක්වූ ඔහු බිඳ හෙලුවේ රංජිත් සුභසිංහ විසින් 1993 වසරේදී දක්වා තිබු මිනිත්තු 1:47.56 ක දක්ෂතාව වේ.

ඉඳුනිල් දක්වූ ඉහත දක්ෂතාව අනුව මේවනවිට ආසිටාවු කලාපයේ 6 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට ඔහුට හැකිව තිබේ.

ඉඳුනිල්ගේ හොඳම දක්ෂතාව ලෙස මින් ඉහත දී දැක්වුණේ මිනිත්තු 1:48.69 ක දක්ෂතාවක් වේ.

PERFORMANCE PLACE DATE
2017 1:48.83 Diyagama (SRI) 02 SEP 2017
2016 1:49.83 Almaty (KAZ) 26 JUN 2016
2015 1:49.93 Diyagama (SRI) 26 JUL 2015
2014 1:48.69 Colombo (SRI) 13 AUG 2014
2013 1:51.11 Colombo (SRI) 17 SEP 2013
2012 1:51.22 Colombo (SRI) 14 NOV 2012

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පවා සහභාගී නොවෙමින් කෙන්යාවේ මාස 8 ක පහණ සිදුකළ පුහුණුවැඩසටහනේ ප්‍රථඵලයක් ලෙස ඉඳුනිල් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම සඳහන් කළ හැක.

වී රත්නකුමාර මහතාගේ මගපෙන්වීම යටතේ මෙරට පුහුණුවන ඉඳුනිල් හේරත්ගේ විදෙස් පුහුණුකරු වන්නේ ඩන් මුසෝකියෝ  මහතාය.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org