Video: වේදනාව අමතක කර ලොවම දිනූ ඩෙරික්.

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Videos

මාව බොහෝ දෙනා හේතු දෙකක් නිසා හඳුනනවා.

එකක්, 1991 ලෝක ශූරතාවලියේ දී ඇමරිකාව පරාජය කළ බ්‍රිතාන්‍ය 4×400 කණ්ඩායමේ සාමාජිකයෙකු විදියට,  වැදගත්ම වන්නේ 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ දී තරගයක් අවසාන කිරීමට නොහැකි වීම.

https://youtu.be/euv3U-Jqy-E

මේ ඒ ලොවම හඳුනාගත් ඩෙරික් රේඩ්මන්ඩ්..

1992 බාසිලෝනා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි අවසන් පූර්ව තරගයේ දී, ඩෙරික් තරග ආරම්භක ස්ථානයේ සිටියේ බොහොම විශ්වාසනීයවයි.

රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝදෙනා විශ්වාසය තැබූ ඩෙරික්ට මීටර් 200 ක් පමණ යනවිට අනපේක්ෂිත ආබාදයකට ලක්වීමට සිදුවුණා.

ටික වේලාවකින් මට දැනුණ කලව ප්‍රදේශයේ ආබාදයක් ඇතිවුණ බව.

මම කකුළ අල්ලන් බිම වැතිරුණා. ඉන් පසුවයි මට මතක් වුණේ මම සිටින ස්ථානය ගැන. එක පාරටම මට මතක් වුණා. මම ඉන්නෙ ඔලිම්පික් අවසන් පූර්ව තරගයක කියන එක. ඒ සිතුවිල්ල මාව නැගිට්ටුවා නැවත තරගය ආරම්භ කරන්න, දුවන්න. මට ඕන වුණා කොහොම හරි තරගය අවසන් කරන්න.

කා වෙනුවෙන් වත් නොවේ මෙය අවසන් කළ යුතු වුණේ මා වෙනුවෙන්.

ඔහු ඉතා ආයාසයෙන් අතරගය අවසන් කිරීමට දිව ගියත්, ඔහුට ඇවිද ගැනීමට හෝ නොහැකි බව පෙනී ගියා.

සැනෙකින් පුද්ගලයෙකු, ධාවන තීරුවට ඇතුළු වීමත් සමග විනිසුරුවරුන් ඔහුව වැලැක්වූවා.

මට තේරුණා කෙනෙකු මා අසලට පැමිණෙන බව. මට කටහඬු හඳුනාගැනීමට හැකි වුණා. ඒ මගේ පියා.

ඔහු හැමවිටම මා පසුපසින් සිටියා, ඔහු මාව දිරිමත් කළා.

එම අවස්තාවේ දී පියා ධාවන පථයට ඇතුළු වීම ඩෙරික්ගේ ගමන අඩාල කළ බව ඩෙරික් පසුව ප්‍රකාශ කළේ‍, එය හැඟුම්බර අවස්ථාවක් වීම හේතුවෙන්.

ඒත් විනිසුරුවරුන් හා නිළධාරීන් අපගේ ගමන නතර කිරීමට උත්සාහ කළා. පියා ඔවුන්ව වලකමින් මට තරගය අවසන් කිරීමට අවස්ථාව සැලසුවා.

මම නැවත 5 වැනි මංතීරුවට පැමිණියා.
මට අවසන් කිරීමට අවශ්‍ය වුණා.

ඔහු ඉතා හැඟුම්බරව තරගය අවසන් කළේ ලෝක වාසීන්ට සුවිශේෂී පණිවුඩයක් ද ලබා දෙමින්.

ශූරයෙකු වීමට නම්, ඔබ ශාරීරිකව මෙන්ම මානසිකව ද ශක්තිමත් විය යුතුයි. – ඩෙරික් රේඩ්මන්ඩ්

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org