මලල ක්‍රීඩා ජාතික තලයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඈත් වන්නේ ඇයි ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ යොවුන් හා කණිෂ්ඨ මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක් ජාතික තලයට ප්‍රවිශ්ඨ නොවීමේ ප්‍රවණතාවක් දැකිය හැකි වේ.

2012 වසරේ දී ශ්‍රී ලංකාවේ දී ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීමේ වාසනාව හිමි වුවද එහිදී දක්ෂතා දක්වමින් පදක්කම් දිනාගත් එකදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක අද වන විට ජාතික තලයේ දක්නට නොලැබේ.

2012 ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මින් එක් ක්‍රීඩිකාවක් පමණක් ජාතික මට්ටමේ තරග සඳහා සහභාගී වුවද සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේවනවිට ක්‍රීඩාව අත්හැර දමා තිබේ.

අතීතයේ සිට දක්ෂයින්, හඳනාගනිමින් ඔවුන් ආරක්ෂාකරගැනීමේ හැකියාවක් නොවූ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ගම් මට්ටමේ බිම්මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා යෑමට සැලසුම් හා ව්‍යාපෘති සකස් කිරීමට පමණක් පෙළඹීමෙන් සාධනීය වෙනසක් සිදු කිරිමට හැකියාව නොලැබේ.

පාසල් මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට මුසු කිරීමට ජාතික වැඩ පිළිවෙලක් නොවීම මෙහි දී සැලකිල්ලට ගත යුතුය. එසේම නිළධාරීන්ගේ හා තේරීම් කමිටුවල අත්තනෝමතික ක්‍රියා ද මේ සඳහා දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ඉන් එහාට ගිය තවත් එක් සාධකයක් තිබේ, ඒ පාසල් පුහුණුකරුවන් ඉහත කී බොහෝ ක්‍රීඩක ක්‍රිඩිකවන් ජාතික තලයේ පුහුණුකරුවන්  වෙත යොමු කිරීමට මැලිවීමයි.

එසේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද වගකීමක් හා යුතුකමක්  තිබේ, ලබාදෙන අවම පහසුකම් හෝ උපයෝගීකරගනිමින් හැකි ඉහළම තලයට පිවිසීමට උත්සාහ දැරිය යුතුය. ඇතැම් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ජාතික කර්තව්‍යක් ලෙස සිතා ඔවුන් වෙත ලබා දෙන ශිෂ්‍යත්ව හා විදෙස් පුහුණුවීම් අවභාවිත කරමින් ක්‍රීඩාව හැරයෑම සම්බන්ධයෙන් ද සඳහන් කළ යුතුවේ.

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියෙන් පසු…

වර්ථමානය වන විටත් නැවතත්, අති දක්ෂ කණිෂ්ඨයින් රැසක් සිය දක්ෂතා ඉහළම තලයකට ගෙන එමින් මෙරට ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒමේ හැකියව තමන්ට ඇතැයි ප්‍රත්‍යක්ෂ කර තිබේ.

ඒ දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළේලේ දී පදක්කම් දිනා ගනිමින් හා පුද්ගලකිව සිය උපරිම දක්ෂතා දක්වමිනි.

මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රිඩිකාවන් 84  දෙනෙකු එක්වුව ද තවත් වසර කිහිපයක දී අපට දැක ගත හැකි වනුයේ ඉන් අතලොස්සකි.

නමුත් ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා ඔප මට්ටම් කරනු වෙනුවට බළධාරීන් සිදුකරන්නේ, ඔවුන්ට ද ක්‍රීඩාව එපා කොට ඉන් ඔබ්බට තල්ලුකර දැමීමට පිඹුරු පත් සකස් කිරීමය.

ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තේරීම් නිර්ණායක ගැන සැකයක් 

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී අනුගමනය කළ නිර්ණායක ද එහිදී දැක්විය හැකිය.

එසේම, ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් තායිලන්තයේ පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩක ක්‍රිඩිකාවන් තෝරා ගැනීමේ ක්‍රමවේ දයේද දෝ‍්ශ තිබේ.

මෙවැනි යල් පැන ගිය නිර්ණායක භාවිත කිරිම මගින්, මෙරටට අහිමි වන්නේ අනාගතයේ ක්‍රීඩාව භාරගැනීමට සිටින දරු දැරියන් පිරිසකි.

සුදුසුකම් සපුරා සිටින මොහොතක, රට නියෝජනය කරමින්, ජාත්‍යන්තර තරගාවලියකට සහභාගීවීමේ අවස්ථාව අහිමි වීම මේ දරු දැරිවන්ගේ ක්‍රීඩා අනාගතයට බලපාන ආකාරය ගැන නිළධාරීන්ට අවබෝධයක් නොමැත්තා සේය.

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවන්ට ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ තරගාවලිය අහිමිවන්නේ ඇත්තෙන්ම සුදුසුකම් සැපීරීමට නොහැකිවීම නිසා නොවන බව පැහැදිලිය.

මෙවන් වටපිටාවක එම ක්‍රීඩිකාවන් බහුතරය තම අධ්‍යාපන කටුයුතු ගැන අවධානය යොමුකරමින් ක්‍රීඩාවෙන් ඉවත්වීම නොවැලැක්විය හැකි හේතුවක් වනු ඇත.

පසුගිය ආසියානු ශූරතා මලල ක්‍රිඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකු සහභාගී කරවූ ශ්‍රී ලංකාව මෙවර සහභාගී කරවන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකි.

යොවුන් ක්‍රීඩිකාවකුත් කැපුනු පිරිස අතර… 

එසේම, යොවුන් ඔලිම්පික් තේරීම් තරගාවලියට ක්‍රීඩක ක්‍රිඩිකාවන් 8 දෙනෙකු තෝරා තිබේ. එහිදීද අවසන් තේරීම් තරගාවලි යුගලයේ මෙන්ම කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ද සිය පුද්ගලික දක්ෂතාව වර්ධනය කරගත් මීටර් 400 ඉසව්ව නියෝජනය කළ සඳුමිණී බණ්ඩාර ක්‍රීඩිකාව තෝරා ගැනීමට මැලිව ඇත්තේ ඇය මේවනවිට ආසියාවේ 5 වැනි හෝඳම ක්‍රීඩිකාව වීම හේතුවෙනි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආකල්පය සනාථ කරමින් තේරීම් ප්‍රතිපත්ථිය වෙනස්වී ඇත් දැයි සැක මතුවේ. ඉහත ආකල්පය අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීකල යුත්තේ පදක්කම් දිනාගත හැකි තරගාවලිවලට පමණක් වන අතර, ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට සැක හැර සහභාගීවිය හැක්කේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පමණක් වනු ඇත.

වර්ථමානය වන විට ජාතික තේරීම් තරගාවලියට ක්‍රීඩක සහභාගීත්වය ඉතා අවම සංඛ්‍යවක් සහභාගී වීමෙන්ම මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අත්ව ඇති තත්වය සනාථ වේ.

පාසල් මට්ටමේ ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩකයෙකුට මෙවන් ජාත්‍යන්තර තරගයක් සිය ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනයට පිටුවහලක් වන බව ප්‍රවීණයන්ගේ අදහසයි. නමුත් බළධාරීන්ට මෙය නොවැටහීම ඛේදජනකය.

පාසල් ක්ෂේත්‍රයෙන් පසුව ඉවතට විසිවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ත්‍රිවිධ හමුදාව සෙවණේ ඇති දැඩි වන අතර, ඒ හේතුවෙන්ම ඔවුන් ජාතික තරග සඳහා සහභාගීවේ.

ඉහත සමස්ථ සංඛ්‍යාවෙන් සියයට 60 ක පමණ පිරිසක්, සහභාගීවීම පමණක් අරමුණු කරගනිමින් සහභාගීවීමද ශෝකජනක ඉරණමේ පිළිබිඹුවකි.

මේ අතරින් ක්‍රීඩකාවන්ගේ සංඛ්‍යාව ශීග්‍රයෙන් පහත වැටී ඇති බව විශ්ලේෂණය කිරීමෙන් හඳුනාගත හැක.

මෙම වසරේ ජාතික තේරීම් තරගාවලි දෙක හා පසුගිය ජාතික ශූරතා තරගාවලියට ක්‍රීඩිකාවන්ගෙ සහභාගීත්වය පහත පරිදිවේ.

ක්‍රීඩා ක්ෂේත්‍රයට අනුරූපීව අධ්‍යාපන ක්ෂේත්‍රය යාවත් කාලීන නොවම, ජාතික මට්ටමේ දී ලැබෙන ආරක්ෂාව හා වෘත්තීය ගරූත්වය සම්බන්ධයෙන් ඇති ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.

සබරගමුව හා ජයවර්ධනපුර  විශ්වවිද්‍යාල වල විෂය පථය

මෙරට ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට උසස් අධ්‍යාපනය ලබා ගත හැකි හොඳම අවස්ථාව සලසා දී ඇත්තේ, බලංගොඩ බෙලිහුල් ඔය ඇති සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවොහාරික අධ්‍යන පීඨයට අයත් විෂය පතයකිනුයි.

ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට එහි අධ්‍යාපනය ලබමින් සිය දක්ෂතා පවත්වාගෙන යා හැකි දැයි අවිනිශ්චිතය.

ඒ මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පුද්ගලික පුහුණුකරුවන් හා පුද්ගලික පහසුකම් මත යැපෙමින්පැවතීම හේතුවෙනි.

එසේම කොළඹ ශ්‍රී ජයවර්ධනපරු විශ්ව විද්‍යාලයේ ද ඉහත විශයන් හැදෑරීමේ පහසුකම් ඇතත්, උසස් පෙළ ප්‍රථිඵල අනුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වීමේ අවස්ථාව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි වේ. විශේෂ අවස්ථාවක් ලෙස සලකා හෝ ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා හෝ ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයවර්ධනපුර දී අධ්‍යන කටයුතු සිදුකිරීමේ අවස්ථාව නොමැත.

එසේම ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට සිය පුහුණුකටයුතු සිදුකරමින් අධ්‍යයන කටයුතු සිදුකිරීමේ අවස්ථාවක්, හිමිනොවන බව වාර්තාවේ. විභාග කාලසටහන් තරගාවලි කාලසටහන් තරගාවලි කාලසටහන් හා යාවත් කලීන නොවීම මත විභාග කටයුතු වලට මූලිකත්වය දෙමින් ක්‍රීඩවෙන් ඈත්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවේ.

මෙවන් පසුබිමක, ක්‍රීඩා කිරීම පසෙකලා අධ්‍යාපන කටයුතු හා පුද්ගලික ජීවිතය තෝරා ගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබේ.


බිම්මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට හා ජාත්‍යන්තර තලයට ගෙන ඒමට කෝටිගණන් වියදම් කරනු වෙනුවට ජාතික වැඩපිලිවෙලක් සකස්කොට අධ්‍යාපනය වෘත්තීය නිපුණත්වය හා ක්‍රීඩාව සමාන්තරව සිදුකළ හැකි වට පිටාවක් සකස් කළ යුතුය.

තේරීම් කටයුතු වලදී, හිතවතුන්ගේ දරුවන්ට වැඩි අවස්ථා ලබා දීම, න්‍යායාත්මක නොවන කරුණු දක්වමින් අත්තනෝමතිකව කණ්ඩායම් තේරීම බාළධාරීන්ගේ මට්ටමින් සිදු වීම මෙන්ම, පුහුණුකරුවන් අතින්   පාසල් මට්ටමේ සිටින දරුවන් ජාතික මට්ටමට භාර නොදීම හා ආත්මාර්ථකාමීත්වය හේතුවෙන්, දරු දැරියන්ගේ ක්‍රීඩා දිවිය පාසල් කාලයට පමණක් සීමා කිරිම ද නවතා දැමීමට කාලය පැමිණ තිබේ.

සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ෂා, සුගත් තිලකරත්න වැන්නවුන් ආසියාව ජයගත් රටක යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීය ගරූත්වයක් නොමැතිවීම මලල ක්‍රීඩාව විනාශ මුඛයට යාමට බලපා තිබේ.

අප රට සතුව දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටිය ද, ඔවුන්ට ක්‍රීඩවේ වටිනාකම දැනෙන ලෙස ආරක්ෂා කරගැනීමේ වටපිටාවක් නොවීම හේතුවෙන්, එම පිරිස ක්‍රීඩාවෙන් ඇත්වෙන බව නොරහසකි.

සාකච්ඡාවට විවෘතයි.

ඔබේ අදහස් හා යෝජනා ceylonathletics@gmail.com වෙත යොමුකරන්න.

The reason to omit the girls relay team has also resulted in overall discouragement for female athletes to continue in athletics. Sri Lanka is already suffering from lack of participation by female athletes in the National Athletics arena.

For example, there were only two athletes competing in the 800m at the last national trials for Asian Games, two athletes in the 1500m, only one in the 5000m again only one in the 1000m, two in the 100m hurdles, three in the 400m hurdles, two in the high jump, two in the pole vault, three in the long jump, three in the javelin throw, no athletes in the 200m and so on.

 

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org