සඳනුවන්, සුජානි ජාතික මැරතන් ශූරතාව ජයගනී

By www.ceylonathletics.com | | English, Latest News

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරග අද (13) දින කුරූනෑගල පාදෙණියේදී පැවැත්විණි. මෙහිදී පිරිමි ප්‍රථම ස්ථානය පැය 2යි විනාඩි 26යි තත්ත්පර 23ක කාලයකින් තරගය නිමා කළ බස්නාහිර පළාත නියෝජනය කළ ඩී. ජී. ඩී. සඳනුවන් විසින් දිනාගත් අතර කාන්තා ප්‍රථම ස්ථානය පැය 2යි විනාඩි 55යි තත්ත්පර 3ක කාලයකින් තරගය නිමා කළ බස්නාහිර පළාත නියෝජනය කළ සුජානි පෙරේරා විසින් දිනාගනු ලැබිණි.

පිරිමි දෙවන තුන්වන ස්ථාන පිළිවෙළින් බස්නාහිර පළාත නියෝජනය කළ එස්. ටී.ගුණසේකර සහ මහේෂ් ගුණතිලක විසින් දිනාගත් අතර බස්නාහිර පළාත නියෝජනය කළ කුමාරි ප්‍රනාන්දු සහ සබරගමුව පළාත නියෝජනය කළ නිසන්සලා බණ්ඩාර විසින් දිනාගනු ලැබිණි.

පිරිමි කණ්ඩායම් ශුරතාව බස්නාහිර පළාත වෙත හිමිවූ අතර එහි අනු ශුරතාව උතුරු මැද පළාත වෙත හිමි විය. මෙවර කාන්තා ශුරතා හා අනුශුරතා සඳහා කිසිදු පළාතක් සුදුසුකම් ලබා නොතිබීමද විශේෂත්වයකි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org