ජනකගේ සුපිරි පිම්ම ආසියානු පදක්කමකට අත වනයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවති දෙවැනි තේරීම් තරගාවලියේ දී සුවිශේෂී පිම්මක් වාර්තා කිරීමට ජනක ප්‍රසාද් විමලසේන සමත්විය.

මීටර් 8.10 ක දුරක් දක්වමින් ඔහු මෙතෙක් ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි හොඳම පිම්ම වාර්තා කරීමට සමත්විය. එය ආසියානු ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ වාර්තාව වන මීටර් 8.14 ට ඉතා ආසන්න දක්ෂතාවක් ද වේ.

පසුගිය වසරේ දී හා මෙම වසරේ දී සිය දක්ෂතා ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගත් ක්‍රීඩකයෙකු ලෙස ජනක ප්‍රසාද් පෙන්වා දිය හැක.

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක 2006 වසරෙන් පසුව පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, ප්‍රසාද් දැක්වූ මෙම දක්ෂතාවත් සමගින් එම මෙවර තරගාවලියේ දී හෝ පදක්කමක් ලැබීමේ ඉඩකඩ විවරව තිබේ.

මෙම වසරේ දී ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා අතර ප්‍රසාද්ගේ ඉහත සඳහන් කළ දක්ෂතාව දෙවැනි ස්ථානයේ ඇත.

මීටර් 8 ට වැඩි දුරක් මෙම වසරේ දී වාර්තා කර ඇත්තේ ඉන්දියානු ක්‍රීඩකයෙකු හා චීන ක්‍රීඩකයන් තිදෙනෙකු විසිනි.

RANK  MARK WIND COMPETITOR NAT VENUE DATE
1      8.43 0.7 Yuhao SHI CHN Shanghai (CHN) 12-May-18
2      8.10 1.9 D.A.G. Janaka WIMALASARI SRI Colombo (SRI) 12-May-18
3      8.03 -0.5 Changzhou HUANG CHN Shanghai (CHN) 12-May-18
4      8.00 0.5 Xinglong GAO CHN Shanghai (CHN) 12-May-18
5      7.99 0.4 M SREESHANKAR IND Patiala (IND) 6-Mar-18
5      7.99 1.1 G.K.D.S. PIYARATHNA SRI Colombo (SRI) 27-Apr-18
7      7.96 1.3 Yaoguang ZHANG CHN Jakarta (INA) 12-Feb-18
8      7.95 0.3 Xinglong GAO CHN Hong Kong (HKG) 6-May-18
9      7.90 0.9 L.P.G. DHANANJAYA SRI Bangkok (THA) 4-May-18
10      7.89 0.5 Hung-Min LIN TPE Jakarta (INA) 12-Feb-18
10      7.89 1.8 Kota MINEMURA JPN Brisbane (AUS) 28-Mar-18
10      7.89 0.5 D.A.G. Janaka WIMALASARI SRI Gold Coast (AUS) 11-Apr-18

තරගාවලියේ තමන් පළමු පිම්මෙන්ම මීටර් 8.10 ක දක්ෂතාව දැක්වීමට ඔහු සමත් වීම විශේෂත්වයක් විය.

එසේම ජාතික තේරීම් තරගාවලියේ පළමු අදියරේ දී ධනුශ්ක සඳරුවන් පියරත්න ද මීටර් 7.99 ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

මින් පෙර මීටර් 7.92 ක උපරිම දක්ෂතාවක් දක්වා තිබූ ජනක, සුළඟ (+2.0) සමගින් මීටර් 8.13 ක දක්ෂතාවක් පසුගිය වසරේ දී ද දැක්වුව ද එය වාර්තා අතරට එක්වූයේ සුළඟේ සහාය ද හිමිවීම හේතුවෙනි.

2014 වසරේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගීවූ ජනක ප්‍රසාද්, අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

පසුගිය ආසියානු ක්‍රීඩා වාර්ථා සැසඳීමේ දී ජනක ප්‍රසාද් නැවත මීටර් 8.00 සීමාව මෙවර පසු කළහොත් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ.

ජාතික තේරිම් තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න

තරගාවලියේ වීඩියෝ සඳහා පිවිසෙන්න

තරගාවලියේ ඡායාරූප එකතුව වෙත පිවිසෙන්න

ආසියානු ක්‍රීඩා – දුර පැනීමේ අතීත වාර්තාවල සම්පීඩනය

2014

LONG JUMP
DETAILS
LI JINZHE
 CHINA
8.01 KIM DEOK-HYEON
 SOUTH KOREA
7.90 GAO XINGLONG
 CHINA
7.86

2010

LONG JUMP
DETAILS
KIM DEOK-HYEON
 SOUTH KOREA
8.11 SU XIONGFENG
 CHINA
8.05 HUSSEIN AL-SABEE
 SAUDI ARABIA
7.96

2006

LONG JUMP
DETAILS
HUSSEIN AL-SABEE
 SAUDI ARABIA
8.02 SALEH AL-HADDAD
 KUWAIT
7.88 AHMED FAIZ
 SAUDI ARABIA
7.85

2002

LONG JUMP
DETAILS
HUSSEIN AL-SABEE
 SAUDI ARABIA
8.14
GR
LI DALONG
 CHINA
7.99 AL-WALEED ABDULLA
 QATAR
7.80

1998

LONG JUMP
DETAILS
MASAKI MORINAGA
 JAPAN
8.10 LIU HONGNING
 CHINA
8.05 ABDULRAHMAN AL-NUBI
 QATAR
7.99

Full Result (EVENT PAGE)

More Photos

More Videos

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org