ජනකගේ සුපිරි පිම්ම ආසියානු පදක්කමකට අත වනයි
ආසියානු ක්රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවති දෙවැනි තේරීම් තරගාවලියේ දී සුවිශේෂී පිම්මක් වාර්තා කිරීමට ජනක ප්රසාද් විමලසේන සමත්විය.
මීටර් 8.10 ක දුරක් දක්වමින් ඔහු මෙතෙක් ශ්රී ලංකා දුර පැනීමේ ක්රීඩකයෙකු වාර්තා කළ දෙවැනි හොඳම පිම්ම වාර්තා කරීමට සමත්විය. එය ආසියානු ක්රීඩා උළෙලේ දුර පැනීමේ වාර්තාව වන මීටර් 8.14 ට ඉතා ආසන්න දක්ෂතාවක් ද වේ.
පසුගිය වසරේ දී හා මෙම වසරේ දී සිය දක්ෂතා ක්රමක්රමයෙන් වර්ධනය කරගත් ක්රීඩකයෙකු ලෙස ජනක ප්රසාද් පෙන්වා දිය හැක.
ආසියානු ක්රීඩා උළෙල ඉතිහාසයේ ශ්රී ලංකා මලල ක්රීඩකයෙකු හෝ ක්රීඩිකාවක 2006 වසරෙන් පසුව පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, ප්රසාද් දැක්වූ මෙම දක්ෂතාවත් සමගින් එම මෙවර තරගාවලියේ දී හෝ පදක්කමක් ලැබීමේ ඉඩකඩ විවරව තිබේ.
මෙම වසරේ දී ආසියානු ක්රීඩක ක්රීඩිකාවන් දැක්වූ දක්ෂතා අතර ප්රසාද්ගේ ඉහත සඳහන් කළ දක්ෂතාව දෙවැනි ස්ථානයේ ඇත.
මීටර් 8 ට වැඩි දුරක් මෙම වසරේ දී වාර්තා කර ඇත්තේ ඉන්දියානු ක්රීඩකයෙකු හා චීන ක්රීඩකයන් තිදෙනෙකු විසිනි.
| RANK | MARK | WIND | COMPETITOR | NAT | VENUE | DATE |
| 1 | 8.43 | 0.7 | Yuhao SHI | CHN | Shanghai (CHN) | 12-May-18 |
| 2 | 8.10 | 1.9 | D.A.G. Janaka WIMALASARI | SRI | Colombo (SRI) | 12-May-18 |
| 3 | 8.03 | -0.5 | Changzhou HUANG | CHN | Shanghai (CHN) | 12-May-18 |
| 4 | 8.00 | 0.5 | Xinglong GAO | CHN | Shanghai (CHN) | 12-May-18 |
| 5 | 7.99 | 0.4 | M SREESHANKAR | IND | Patiala (IND) | 6-Mar-18 |
| 5 | 7.99 | 1.1 | G.K.D.S. PIYARATHNA | SRI | Colombo (SRI) | 27-Apr-18 |
| 7 | 7.96 | 1.3 | Yaoguang ZHANG | CHN | Jakarta (INA) | 12-Feb-18 |
| 8 | 7.95 | 0.3 | Xinglong GAO | CHN | Hong Kong (HKG) | 6-May-18 |
| 9 | 7.90 | 0.9 | L.P.G. DHANANJAYA | SRI | Bangkok (THA) | 4-May-18 |
| 10 | 7.89 | 0.5 | Hung-Min LIN | TPE | Jakarta (INA) | 12-Feb-18 |
| 10 | 7.89 | 1.8 | Kota MINEMURA | JPN | Brisbane (AUS) | 28-Mar-18 |
| 10 | 7.89 | 0.5 | D.A.G. Janaka WIMALASARI | SRI | Gold Coast (AUS) | 11-Apr-18 |
තරගාවලියේ තමන් පළමු පිම්මෙන්ම මීටර් 8.10 ක දක්ෂතාව දැක්වීමට ඔහු සමත් වීම විශේෂත්වයක් විය.
එසේම ජාතික තේරීම් තරගාවලියේ පළමු අදියරේ දී ධනුශ්ක සඳරුවන් පියරත්න ද මීටර් 7.99 ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය.
මින් පෙර මීටර් 7.92 ක උපරිම දක්ෂතාවක් දක්වා තිබූ ජනක, සුළඟ (+2.0) සමගින් මීටර් 8.13 ක දක්ෂතාවක් පසුගිය වසරේ දී ද දැක්වුව ද එය වාර්තා අතරට එක්වූයේ සුළඟේ සහාය ද හිමිවීම හේතුවෙනි.
2014 වසරේ පැවැති ආසියානු ක්රීඩා උළෙලට ද සහභාගීවූ ජනක ප්රසාද්, අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.
පසුගිය ආසියානු ක්රීඩා වාර්ථා සැසඳීමේ දී ජනක ප්රසාද් නැවත මීටර් 8.00 සීමාව මෙවර පසු කළහොත් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ.
ජාතික තේරිම් තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න
තරගාවලියේ වීඩියෝ සඳහා පිවිසෙන්න
තරගාවලියේ ඡායාරූප එකතුව වෙත පිවිසෙන්න
ආසියානු ක්රීඩා – දුර පැනීමේ අතීත වාර්තාවල සම්පීඩනය
2014
| LONG JUMP |
LI JINZHE |
8.01 | KIM DEOK-HYEON |
7.90 | GAO XINGLONG |
7.86 |
2010
| LONG JUMP |
KIM DEOK-HYEON |
8.11 | SU XIONGFENG |
8.05 | HUSSEIN AL-SABEE |
7.96 |
2006
| LONG JUMP |
HUSSEIN AL-SABEE |
8.02 | SALEH AL-HADDAD |
7.88 | AHMED FAIZ |
7.85 |
2002
| LONG JUMP |
HUSSEIN AL-SABEE |
8.14 GR |
LI DALONG |
7.99 | AL-WALEED ABDULLA |
7.80 |
1998
| LONG JUMP |
MASAKI MORINAGA |
8.10 | LIU HONGNING |
8.05 | ABDULRAHMAN AL-NUBI |
7.99 |



