ආසියානු ශූරතාවෙන්, ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව අලුත් කල සහය කණ්ඩායම හැළෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ජපානයේ ගිෆූ හිදී ලබන මස මුල් සතියේ දී පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්තාව මීටර් 100 සහාය දිවීමේ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට අහිමිව තිබේ.

ඉහත තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති බවට වාර්තා වන අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබිය යුතුවේ.

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දී රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාට, මෙම තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දී තිබේ.

ඔවුනට අමතරව, රිදී පදක්කම දිනාගත් දුර පැනීමේ ක්‍රීඩිකා රිද්මා නිෂාදිද නම් කර ඇති අතර, ඇයගේ වත්මන් දක්ෂතා එහිදී සැලකිල්ලට ගැනීමේ දී ඇයට ද ආසියානු පදක්කමක් දිනාගැනීමේ අවස්ථාව තිබේ.

කෙසේ වෙතත්, මෙවර දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී, 1994 දී සුසන්තිකා ජයසිංහ හා දමයන්තී දර්ශා අතුළු කණ්ඩායම පිහිටුවා තිබූ, මීටර් 100 සහාය බාලිකා ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව බිඳ දමමින් රන් පදක්කම දිනා ගත් කණ්ඩායම ඉහත සඳහන් කළ ආසියානු ශූරතාවලියට නම් කර නැත.

වාර්තා වන ආකාරයට, ශ්‍රී ලංකාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු පමණක් සහභාගී කරවීමේ අවස්ථාව අති බවත්, ඊට වැඩිවන සෑම අයෙකුටම දිනකට මුදලක් ගෙවීමට සිදුවේ.

100 සහාය කණ්ඩායමේ අමාෂා සිල්වා පමණක් කණ්ඩායමට නම් කළ ක්‍රීඩිකාවන් අතර සිටින අතර, ඇය මීටර් 100, 200 හා 400 සහාය දිවීමේ තරග සඳහා සහභාගීවීමට නියමිතවේ.

තාක්ෂණිකව ඇයට මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට ද සහභාගීවීමට සැලැස්වීමෙන්, අධික විඩාව හේතුවෙන් උපරිම දක්ෂතා බලාපොරොත්තු වීමේ හැකියාව නොවේ.

කෙසේ වෙතත්, සහාය කණ්ඩායම සඳහා අතිරේක ක්‍රීඩිකාවන් දෙදෙකුද නම් කර ඇති අවස්ථාවේ ඉහත ගැටලුව හේතුවෙන් කණ්ඩාමේ අවස්ථාව අහිමි කිරීම අසාධාරණය. ( දකුණු ආසියානු කණිෂ්ඨ මලල ශූරතාවලියේ වීඩියෝ නරඹන්න)

නිර්දේශය සඳහා නම් කළ කණ්ඩායම

  1. අරුණ දර්ශන (අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසල) – මීටර් 200, 400 හා 400 සහාය දිවීම
  2. පසිඳු කොඩිකාර (කුරුණෑගල මලියදේව) – මීටර් 400 කඩුලු, 400 සහාය දිවීම
  3. පබසර නිකූ (කොළඹ නාලන්දා වි.) – මීටර් 400 සහාය දිවීම
  4. රවිෂ්ක ඉන්ද්‍රජිත් (කොටහේන ශාන්ත බෙනඩික්ට් වි.) – මීටර් 400 සහාය දිවීම
  5. හර්ෂ කරුණාරත්න (වලල ඒ. රත්නායක ම. වි.) – මීටර් 800 හා මීටර් 400 සහාය දිවීම
  6. තරිඳු දසුන් (ගාල්ල මහින්ද වි) – උස පැනීම
  7. අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි බා.වි.) – මීටර් 100, 200 හා 400 සහාය දිවීම
  8. දිල්ෂි කුමාරසිංහ (වලල ඒ. රත්නායක ම. වි. ) – මීටර් 400, 800 හා 400 සහාය දිවීම
  9. රුමේෂි අත්තිඩිය (නුගේගොඩ ලයිසියම් වි.) – මීටර් 400 සහාය දිවීම
  10. සචිනි දිව්‍යාංජලී (වත්තල ලයිසියම් වි.) – මීටර් 400 සහාය දිවීම
  11. සඳුමිණි බණ්ඩාර (කෑගල්ලශා.‍ ජෝශප් වි. ) – මීටර් 400 සහාය දිවීම
  12. රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක වි.) – දුර පැනීම

පුහුණුකරුවන්

  • සංජීව වීරක්කොඩි
  • අසංක රාජකරුණා

කාන්තා කන්ඩායම් භාර නිලධාරිනිය

  • යමුනා රත්නායක

අවශ්‍ය වූ විටෙක පත්කිරීම සඳහා කළමනාකරුවෙකු ලෙස අයි.ඩී.ප්‍රේමසිරි මහතාගේ නමද ඇතුළත් කර තිබේ.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org