Sinhala

මලල ක්‍රීඩා තේරීම් සභාපතිගේ තේරීම් ප්‍රතිපත්තියත් අභියෝගයට ලක්වෙයි

මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ නව සභාපතිවරයාගේ තේරීමක් සම්බන්ධයෙන් නැවතත්, මතබේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ.

හිටපු මැරතන් ශූරයෙකු වන විමලසේන පෙරේරා මහතා වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව, එම පත්වීම සම්බන්ධයෙන් විටින් විට මිශ්‍ර අදහස් පළ විය.

ඔහු විටෙක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවන මලල ක්‍රීඩා කණ්ඩායම සම්බන්ධයෙන් තමන් නොදන්නා බව පුවත් පතක් වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබනු ඇතැයි උපකල්පනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 47 දෙනෙකුගේ විස්තර ජාතික ඔලිම්පික් කමිටුව වෙත යොමුකළේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් වන අතර, එම කණ්ඩායම උක්ත තරගාවලියට සුදුසුකම් ලබනු ඇතැයි සඳහන් වූයේ උපකල්පනයක් ලෙසිනි.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුරුන්ද ඔවුන්ගේ දක්ෂතා කුමන පදනමක් මත විමසීමකට ලක් කළේ ද යනුවෙන් විමලසේන පෙරේරා මහාතා විසින් ප්‍රශ්න කොට තිබිණ.

ඔහු ලබන පෙබරවාරි මස පැවැත්වෙන ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ දී ද ඉහත ආකාරයෙන් ම තීරණ කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සැබෑ දක්ෂතා විශ්ලේෂණය නොකර, දේශීය තරගාවලිවල දී දක්වන දක්ෂතා පමණක් පදනම් කරගනිමින් තේරීම් සිදු කිරීමට නම් තේරිම් කමිටුවක් අවශ්‍ය නොවේ.

ඉහත සඳහන් කළ තරගාවලිය සඳහා නිමාලී ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න, උපමාලිකා රත්නකුමාරි හා හෂීනී ප්‍රබෝදා ක්‍රීඩිකාවන් ලෙස තෝරා ඇති අතර, ප්‍රසාද් විමලසිරි පමණක් ක්‍රීඩකයෙකු ලෙස තෝරා ගෙන තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අප්‍රේල් මස පැවැත්වෙන අතර, ඊට සහභාගීවන කණ්ඩායම තෝරාගැනීමේ අවසන් තේරීම් තරගාවලිය පෙබරවාරි 3 වැනි දා පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබීම හේතුවෙන්, ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම අවස්ථාව අහිමිවනු ඇත.

ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය පෙබරවාරි 1 සිට 3 වැනි දා දක්වා ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවීමට නියමිත ප්‍රභල ක්‍රීඩිකාවන් ලෙස හඳුනාගෙන ඇති නිමාලි ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න ගෘහස්ත තරගාවලියකට සහභාගී කරවීමෙන්ම තේරීම් සිදුකිරීමේ ගැටලුවක් ඇති බව පැහැදිලිවේ.

ප්‍රසාද් විමලසිරි පසුගිය වසරේ දී දුර පැනීමේ ඉසව්වෙන් උපරිම දක්ෂතා අතරට පැමිණ සිටීම හේතුවෙන්, නැවත වරක් මීටර් 8 සීමාව අතික්‍රමණය කිරීමට ඔහුට ද අවස්ථාව තිබේ.

නමුත් ගෘහස්ත තරගාවලියක දී එම දක්ෂතාව දැක්වීමේ අවස්ථාව අවම බව තතු දත්තෝ පෙන්වා දෙයි.

එසේම ඉහත තේරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වෙන් ද පදක්කමක් දිනාගැනීමට අවස්ථාව තිබේ.

ඒ මීටර් 400 ඉසව්වේ ප්‍රභල ක්‍රීඩිකාවන් තිදෙනෙකුම මෙම කණ්ඩායමේ සාමාජිකාවන් වීම නිසාවෙනි.

නමුත් විමලසේන මහතාගෙන් කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ, මීටර් 400 ඉසව්වේ දක්ෂතා දක්වන සෙසු ක්‍රීඩිකාවන් ගැන තමන් නොදත් බවයි.

මලල ක්‍රීඩා පුහුණු සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් වෙත පමණක් අවධානය යොමුකරමින් තේරීම් කටයුතු සිදුකළ බව විමලසේන මහතා අවධාරණය කර තිබේ.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මීටර් 400 ඉසව්වෙන් සහභාගීවූ නිර්මලී මධුශිකා හා ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී උපමාලිකා රත්නකුමාරි පරදවා මීටර් 400 ඉසව්ව ජයගත් නදීෂා රාමනායක ද තත්පර 55 කට අඩු කාලයකින් තරග අවසන් කර තිබේ.

නමුත් තේරීම් කමිටු සභාපතිවරයා එම ක්‍රීඩිකාවන් දෙදෙනා ගැනම නොදැනුවත් බව පවසා තිබේ.

විමලසිරි පෙරේරා, අමිල ජයසිරි, ධනුක ලියනපතිරන අතර පොදුරදමඩුලු තරගාවලියට දුරපැනීමෙන් සහභාගීවීමට තරගයක් තිබේ.

ප්‍රසාද්ට තේරීම් තරගාවලිය අහිමි කිරීමෙන් ඔහුට පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අවම විය හැකිය‍

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නිසිලෙස හඳුනාගැනීමට නොහැකි හා වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන දැනුමක් නොමැති පුද්ගලයන් ජාතික කණ්ඩායම් තෝරාගැනීමට යොදාගැනීමෙන් ක්‍රීඩාවේ අනාගතයට ප්‍රභල බලපෑමක් එල්ලවේ.

ක්‍රීඩකයන්ගේ අතීත දක්ෂතා සැලකිල්ලට ගෙන වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ තරගකාරීත්වයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමට අවස්ථාව සැලසීමෙන්ම මෙරට ක්‍රීඩා පරිපාලනයේ දැනුම හා ප්‍රතිපත්ති ගැන සැක සංකා මතුවේ.

ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ ක්‍රීඩාවට ආදරය ඇති පිරිස් මෙන්ම ක්‍රීඩාව පිලිබඳව දැනුමැති පුද්ගලයන් වේ.

මෙය ක්‍රීඩාව ගැන තීන්දු තීරණ ගන්නා පිරිස් උගත යුතුය.

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix, Yupun and Nadeesha finished on the podium

Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…

5 days ago

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

1 week ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

1 week ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

1 week ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

3 weeks ago