පොදුරාජ්‍ය මණ්ඩලයීය මලල ක්‍රීඩා පරිසාදන මට්ටම කෙසේ වෙයි ද ?

ලබන වසරේ අප්‍රේල් මස 4 වැනි දා සිට 15 වැනි දා දක්වා ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හීදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා වන පරිසාධන මට්ටම් කෙසේවේ දැයි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවධානයට යොමුව තිබේ.

ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩා සංගමය විසින් එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්, පරිසාධන මට්ටම් නිකුත් කිරීමත් සමග මෙම අවධානය ඉහළ ගොස් ඇත.

 commonwealth games cwg cwg 2018

සත්කාරක රාජ්‍ය වන ඕස්ට්‍රේලියාව තම කණ්ඩායම තෝරාගැනීම සඳහා මේවනවිට නිකුත් කර ඇති පරිසාධන මට්ටම පහත පරිදි වේ. කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ නොවන බව පැවසිය යුතුය.

ඔලිම්පික් හා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි සඳහා පරිසාධන මට්ටමක්, නිළ වශයෙන් නිකුත් කළද පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා එවන් මට්ටමක් නිළ වශයෙන් නිකුත් නොකරයි.

ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඒ ඒ ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමට ලබා දෙන කෝටාව සැලකිල්ලට ගෙන කණ්ඩායමක් තෝරාගැනීම ඒ ඒ  ක්‍රීඩා සංගමය විසින්  සිදුකරනු ලබයි.

කෙසේ වෙතත්, ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී හා ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේදී, ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගැනීමේ දී, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ද තරගකාරී කණ්ඩායමක් ඇතුළත් වනු ඇතැයි පූර්ව කථනයක් කළ හැක.

ලබන වසරේ පෙබරවාරි පළමු සතිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරගැනීමේ, තේරීම් තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට; වසර හතරකට වරක් පැවැත්වෙන අසිරිමත් ක්‍රීඩා උළෙලක් වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව හිමිවනු ඇත.


පහත සඳහන් පරිසාධන මට්ටම ඔස්ට්‍රේලියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්, එරට සංගමය විසින් නිකුත් කර තිබෙන බව කරුණාවෙන් සලකන්න.

 

 

 

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

4 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

4 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

6 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago