Categories: SinhalaTop Stories

රටේ ක්‍රීඩාව සමඟ සෙල්ලම් කළ නිලධාරීන්ට වැඩ වරදී

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ (24දා) පැවැති කාන්තා මීටර් 100 අවසන් මහා තරගය සඳහා දකුණු ආසියාවේ කෙටි දුර ධාවන ශූරිය වන රුමේෂිකා රත්නායකගේ සහභාගිත්වය (ඇය පුහුණුවක් සඳහා ජපානයට ගොස් පැමිණීම ප්‍රමාද වූ නිසා මූලික තරගයට සහභාගි වීමට නොහැකි විය) නීති විරෝධී බව පවසමින් පළාත් ක්‍රීඩා නිලධාරීන් ඇතුළු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එදින සමාප්ති උළෙලට සහභාගි නොවූ අතර, එය විනය විරෝධී කටයුත්තක් ලෙස සලකා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරේ සිට පහළට ඉහළ තනතුරු දරන සියල්ලන්ටම එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇතැයි “මව්බිම”ට වාර්තා වේ.
ඒ අනුව මෙම රුමේෂිකාගේ ප්‍රශ්නයෙදී පමණක් නොව මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළව පැවැති දුර්වලතා හා අක්‍රමිකතා සැලකිල්ලට ගැනීමේදී ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර, අධ්‍යක්‍ෂ-ක්‍රීඩා අයි. පී. විජේරත්න, සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇති අතර, ඔවුන් ඉදිරියටත් මෙම තනතුරුවල තබා ගන්නවාද? නැද්ද යන්න ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයිද තවදුරටත් දැනගන්නට ඇත. ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අදියර දින තුනක් පුරා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී එහි පැවැති බරපතළගණුයේ අඩුපාඩු නොදුටු හා නොඇසුණු මෙන් සිටි ක්‍රීඩා අමාත්‍යාංශය යටතේම සිටින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රීඩිකාවක් මූලික තරගයට සහභාගි නොවී අවසන් මහා තරගයකට සහභාගි කළේ යැයි පවසමින් ඊට විරෝධය පෑම විහිළුවකි. හේතුව දැනගන්නට ඇති පරිදි ඇය ජාතික මහා ක්‍රීඩා උළෙලට නියමිත වේලාවට සහභාගි වන්නට කැමැත්තෙන් සිටියද ඇයට එම ප්‍රමාදය සිදුවූයේ ඉහත කී නිලධාරීන්ගේම වරදින් බවට සාක්‍ෂි ඇත.

කෙසේ වෙතත් එදින සමාප්ති උළෙලේදී දිස්වූ වර්ජනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එහි උපුටා ගැනීම මෙසේය.

“රුමේෂිකා රත්නායක මෙරට අනාගත ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වන අතර, 2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් මේ වනවිට ඇය ජපානයේ වසිඩා විශ්වවිද්‍යාලයේ පුහුණුවීම් සිදුකරයි. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගිවීමට සැප්තැම්බර් 22 වැනිදාට පෙර ඇය ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතව තිබුණද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අතපසුවීමක් මත එය සිදුවී නොතිබිණි. මේ නිසා ඇයට ලංකාවට පැමිණීමට හැකි වූයේ සැප්තැම්බර් 23දාය. එසේ පැමිණීමෙන් පසු රුමේෂිකා රත්නායක හා සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද මහතා විසින් ඇයට තරග කිරීමට අවස්ථාවක් දෙන මෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව එම ඉල්ලීම විශේෂ කමිටුවක් වෙත ඉදිරිපත් කෙරිණි. එම කමිටුව සැකසී තිබුණේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජේ‍යෂ්ඨ තාක්‍ෂණික නිලධාරීන් වන පාලිත ජයතිලක, ලාල් චන්ද්‍රකුමාර සහ මලල ක්‍රීඩා සංගමයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂ ඒ.ටී. නුගේගොඩ යන මහත්වරුන්ගෙනි. මෙම තීරණය පිළිබඳ දැඩි විරෝධයක සිටි උෟව සහ මධ්‍යම පළාත් ක්‍රීඩා නිලධාරී මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ යම් පිරිසක්ද ආචාර පෙළපාළියට සහ ජය සංකේත ප්‍රදානයට සහභාගි නොවූ අතර, මෙම වර්ජනය ජාතික මට්ටමේ සුවිශේෂීත්වය නොසලකා තම පළාතේ රන් පදක්කම ගැන පමණක් සිතා සිදුකළ විරෝධයකි. එමෙන්ම මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව ඉදිරියේදී දැඩි තීරණ කිහිපයක්ද ගැනීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කටයුතු කරනු ඇත.”

www.ceylonathletics.com

Recent Posts

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

2 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

1 week ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

1 week ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago

කීර්තිමත් යුග පුරුෂ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වෙයි.

කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී…

2 weeks ago

Yupun Abeykoon’s Remarkable Comeback after the injury

Sri Lankan sprinter Yupun Abeykoon has made a stunning return to the track with a…

2 weeks ago