Categories: Sinhala

අවාසනාව හා ආබාද සමග සටන් කළ අමිලට ආසියානු පදක්කමක්

ගුවන් හමුදාව නියෝජනය කරන අමිල ජයසිරි මෙවර ආසියානු ගෘහස්ත ක්‍රීඩා උළෙලේ දී, පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්විය.

ඒ දෙවැනි උත්සාහයේදී දැක්වූ මීටර් 7.45 ක දක්ෂතාවය නිසාවෙනි.

ඔහු පරාජය වූයේ, ඔහුට වැඩිය සෙන්ටීමීටර 3 ක (7.48) ක දක්ෂතාවක් දැක්වූ වියට්නාමයේ ටීයෙන් ට්‍රොන් හමුවේයි.

මීට පෙර ආසියානු මට්ටමේ තරගාවලියකට හෝ ඉදිරිපත්වීමට වරම් නොලද අමිල ගෘහස්ත තරගාවලියකට සහභාගීවූයේ ද පළමු වරට වීම විශේෂත්වයකි.

අතීතයේ සිදුවූ අවසානවාන්ත සිදුවීම්.

2014 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව අමිලට අහිමිවූයේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් එවකදී හිතාමතා සිදුකළ වරදක් හේතුවෙනි.

ආසියානු ක්‍රීඩා උළෙලට අමිල ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකා වාර්තාව වූ මිටර් 7.86 සම කරමිනි.

කෙසේ වෙතත්, ඉන් ඉහත දී ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවිමට ලබා දී තිබූ නම් අතර අමිලගේ නම නොවීම හේතුවෙන්, ජාතික ඔලිම්පික් කමිටුව ඔහුගේ නම අවසන් මොහොතේ අතුළත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දිගින් දිගටම ඉල්ලීම් කළද, එම අවස්ථාව අමිලට හිමි නොවීම මත, ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ පදක්කමක් ගිලිහී ගියාදෝයි සැක සිතේ.

ඒ එවකට උපරිම දක්ෂතා අතර සිටි අමිලට ලෝකඩ පදක්කම වෙනුවෙන් හෝ සටනක් දීමට හැකියාව තිබූ නිසාවෙනි.

එම වසරේ ලෝකඩ පදක්කම හිමිවූයේ අමිලගේ එවක උපරිම දක්ෂතාව වූ මීටර් 7.86 ක දක්ෂතාවටය.

එම දක්ෂතාවෙන් නොනැවතුනු ඔහු මීටර් 8 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වෙමින් මීටර් 8.15 ක දක්ෂතාවක් දැක්වීමට පසුගිය වසරේ සමත් විය.

එය රියෝ ඔලිම්පික් පරිසාධන මට්ටමද වුවත්, ඔහු එමදක්ෂතාව දැක්වූයේ ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ ඉසව්ව තිබූ දිනයේම වීම දෛවෝපගත සිදුවීමකි.

ඊට මසකට පෙර ඔහු එම දක්ෂතාව දක්වා තිබුණහොත් ඔලිම්පික් උළෙලට අමිලට සහභාගීවීමේ හැකියාව තිබිණ.

අමිලට මෙම වසරේ ඉන්දියාවේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ද සහභාගී වීමේ අවස්තාව අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේ පාදයේ ආබාදයක් හට ගැනීම හේතුවෙන් දෙවැනි තේරීම් තරගාවලියේදී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම නිසාවෙනි.

ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ද අමිලට අවසන් තරගායට සහභාගීවීම පාදයේ ආබාදය විසින් අහිමි කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඔහු වෙත තබා තිබූ විශ්වාසය අමිල ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියේදී ඉෂ්ඨ කළේ ලක්මවට රිදී පදක්කමක් ලබා දෙමිනි.

එය ඔහුගේ උපරිම දක්ෂතාව නොවුන ද, අවම පහසුකම් යටතේ පුහුණුවෙමින්, පළමු ගෘහස්ත තරගාවලියට සහභාගීවූ අමිලට මෙය නව අත්දැකීමක් වූවා නොඅනුමානය.

“ආසියාවෙ හොඳට කරපු අය අද හිටිය. හැබැයි හොඳ ජම්ප්ස් අවෙ නෑ එයාලටත්. මොන්ඩො ට්‍රෑක් වල අපි ජම්ප්ස් කරල නෑ. ඉන්ඩෝ නිසා පොඩ්ඩක් වෙනසක් දැනෙනව. පුරුදු නැහැනෙ. ඉන්ජරියෙන් රිකවර් වෙලා ඒෂියන් ගේම්ස් යන්න තමයි ට්‍රයි කරන්නෙ.” – අමිල අද තරගය ගැන අප සමග පැවසුවේය.

අමිල ජයසිරි වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයෙන් ජාතික තලයට දායාද කළ ක්‍රීඩකයෙකි.

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

4 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

4 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

6 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago