Categories: Latest NewsSinhala

කොටවිල කොට උඩ ? ජාතික මහා ක්‍රීඩා උළෙලට සූදානම් ද ?

43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී ලබන 22 එනම් ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිතය.

දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බඳුවූ මෙම ක්‍රීඩා උළෙලට දැන් අත්ව ඇති ඉරණම ගැන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන් දක්වන්නේ වෙනස් අදහසකි.

එවකට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම උපන් ප්‍රදේශය නියෝජනය කරමින් අභිමානයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන් ජාතික ක්‍රීඩා උළෙල අද වන විට දේශපාලනඥයන්ගේ ගොදුරක් බවට පත්ව තිබේ.

ජාතික තලයේ දේශපාලනඥයන්, තම ප්‍රදේශයට ක්‍රීඩා උළෙල ගෙන යෑමට උත්සුක වද්දී, පළාත් අමාත්‍යවරුන් තම බලය පෙන්වීමට මෙය ආයුධයක් කරගනිමින් සිටීයි.

එහි කදිම උදාහරණයක් ලෙස දැක්විය හැක්කේ පසුගිය අගෝස්තු මස සමස්තයක් වූ කණ්ඩායම් තරග පවත්වා අවසන් කිරීමට උත්සුක වීමයි.

ජාතික තලයේ ක්‍රීඩකයන්, කණ්ඩායම් ඉසව්වලට සහභාගී නොවීම මත පාසල් ක්‍රීඩකයන් බොහෝමයක් ජාතික මහා ක්‍රීඩා උළෙලට තම දායකත්වය ලබා දුන්න ද, අපොස උසස් පෙළ විභාගය පැවත්වෙන වකවානුවේ තරග පැවැත්වීමෙන් ඉන් බහුතරයකට ද ඊට සහභාගීවීමේ අවස්ථාව ඇහිරින.

එසේම ජාතික සංගම්වල කාල සටහන සැලකිල්ලට ගෙන, කාලසටහන් නිර්මාණය නොකිරීම මත, 22 වැනි දායින් ආරම්භවන මලල ක්‍රීඩා තරගාවලියට ද ක්‍රීඩක සහභාගීත්වය අල්ප වීමේ අවස්ථාවක් පැණ නැගී තිබේ.

එසේම ක්‍රීඩාංගණයද ජාතික තලයේ තරගාවලියක් පැවැත්වීමේ සූදානමක් නොමැති බව වාර්තාවේ.

දුර හා තුන්පිම්ම පැනීමේ ප්‍රදේශය ඕනෑවට එපාවට මෙන් සංවර්ධනය කර තිබීම හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාදවලට ගොදුරුවීම ද නොවැලැක්විය හැකිය.

නාවලපිටිය දී පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ද ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සංවිධායකයන්ට චෝදනා එල්ලවිණ. දේශපාලන උවමනාවන් මත ක්‍රීඩාංගණ ඉදි වුණ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන හෝ ක්‍රීඩාව ගැන හෝ ඉහත කී නිළධාරීන් සිත් ඇතිව ක්‍රීඩාංගණ නිර්මාණය කළා දැයි සැක සහිතය.

ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට කණ්ඩායමක් සහභාගීවී සිටි, ඔවුන්ට ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව අල්ප වනු ඇත.

එසේම යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය ලබන මස 3 වැනි දා දක්වා කල් තැබීම හේතුවෙන්, යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අති බහුතරයක් මෙවර සහභාගී නොවනු ඇත.

එසේම දේශපාලන ගැටලුවක් මත දකුණු පළාත නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද, මෙවර තරගාවලිය වර්ජනය කිරීමට හෝ විරෝධතා දැක්වීමට නියමිය.

ඊට පසුගියදා අවසන් වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් හිමිකරගත් ක්‍රීඩකයන් ද ඇතුළත් වනු ඇත

එසේම එහිදී පදක්කම් හිමිකරගත් නිමාලි ලියනාරච්චි හා රුමේෂිකා රත්නායක ජපානයේ පුහුණු වැඩමුලුවකට සහභාගීවන බැවින් ඔවුනට ද ජාතික මහා ක්‍රීඩා උළෙල ට සහභාගීවීමේ අවස්ථාව අහිමිවේ.

ක්‍රීඩා අමාත්‍යංශය මගින් සංවිධානය කළ ද, අදාළ නිළධාරීන් කරන්නන් වාලේ ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට උත්සුක වනවා විනා ගුණාත්මකභාවය ගැන අවධානය යොමු නොකරන බව මින් සාක්ෂාත්වේ.

අදාළ අංශ හා ක්‍රීඩා සංගම් දැනුවත් කර, ඔවුන්ගේ සහායත් ලබා ගෙන වසරේ දැවැන්තම තරගාවලිය ලෙස ප්‍රමිතියෙන් යුතුව මෙය සිදුකරන්නේ නම් ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩිකාවන් වැල නොකැඩී මීට සහභාගීවීම වැලැක්විය නොහැක.

දැන් සිදුවන්නේ, මනාලයා හා මනාලිය නොමැතිව මංගල්‍යයක් පැවැත්වීමයි.

කෙටි දුර ධාවන ජාතික ශූරයා යුපුන් ප්‍රියදර්ශන යුද හමුදා තරගාවලියට සූදානම් වීම හා ආබාදයන්ට ගොදුරුවීමෙන් වැලකී සිටීමට මීට සහභාගී නොවනු ඇත. කෙටිදුර ධාවන ශූරය වන රුමේෂිකා රත්නායක ද ජපානයේ සිට පැමිණීමට නියමිතව ඇත්තේ තරගාවලිය අතරතුරදීය.

ඊට අමතරව නිමාලී ලියනාරච්චි මීටර් 800 ආසියානු ශූරයි, උස පැනීමේ ජාතික ශූර මංජුල කුමාර, මීටර් 800 කාන්තා ශ්‍රී ලංකා වාර්තාව හිමි ගයන්තිකා අබේරත්න, මීටර් 800 පිරිමි ජාතික ශූර ඉඳුනිල් හේරත්, ආසියානු ගෘහස්ත පදක්කම් ලාභී අමිල ජයසිරි, තුන්පිම්ම ශ්‍රී ලංකා වාර්තාව හිමි විදූෂා ලක්ෂානි, දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩක හිමාෂ ඒෂාන් මෙන්ම ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවීම අවිනිශ්චිතය.

මෙවැනි වටපිටාවක දේශීය ක්‍රීඩකයන්ගේ ඔලිම්පික් උළෙල දේශපාලනඥයන් පිරිවරාගෙන ප්‍රමිතියකින් තොරව, තියන්නන් වාලේ පැවැත්වීමෙන් ක්‍රීඩාවට ලැබෙන ලාභය කුමක් ද ? 

ක්‍රීඩාවේ හෙට දවස තීරණය කරන්නේ මෙවැනි අදූරදර්ශී වැඩපිළිවෙල හරහා ද ? 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix, Yupun and Nadeesha finished on the podium

Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…

3 days ago

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

5 days ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

5 days ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

1 week ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago