ජනාධිපති සම්මාන උළෙලේ දී  මලල ක්‍රීඩාවට සම්මාන ගොන්නක් – දක්ෂතම ක්‍රීඩිකාව නිමාලී

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දෙවැනි වරට පවත්නු ලබන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යේදී පැවැත්විණ.

එහිදී මෙවරද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරී පත්වූයේ, මීටර් 800 ශූරයක වන නිමාලී ලියනාරච්චියි.

මැරතන් ක්‍රීඩිකා නිලූකා රාජසේකර ද එම සම්මානයට නිර්දේශ විය.

දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම ජනප්‍රියම ක්‍රීඩකයාද වූයේ, පිහිණුම් ක්‍රීඩක මැතිව් අබේසිංහය.

තුන් වරක් ඔලිම්පික් වරම් දිනා ගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේද ඉහත සම්මානයට නිර්දේශවී සිටියේය.

සංවිධායකයින්ගේ අතපසුවීමෙන් පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයන්ට සම්මාන මගහැරේ..

මේ අතර, දක්ෂතම යොවුන් ක්‍රීඩකයා ලෙස දුර පැනීමේ හා තුන් පිම්ම ඉසව්වේ ශූරයෙකුවන ග්‍රේෂාන් ධනංජය සම්මානයට පාත්‍රවිය. එම අංශයේ දෙවැන්නා වූයේ ද, දුර පැනීමේ ක්‍රීඩකයෙකුවන චමල් කුමාරසිරි ක්‍රීඩකයාය.

මෙම සම්මාන උළෙලේ දී වසරේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස සම්මානයට පාත්‍රවූයේ පිලිප් රංජිත් මහතාය, ඔහු සමගින් අදාළ සම්මානයට ඒ.ඩී. නන්දාවතී මහත්මියද නිර්දේශවිය.

ඔවුන් දෙදෙනාම අදාල සම්මානය හා සහතික පත්‍රය භාරගැනීමට පැමිණ සිටියේ නැත.

නන්දාවතී මහත්මිය තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවීමට ගොස් සිටියද පිලිප් රංජිත් මහතාට සම්මාන උළෙලට සහභාගීවීමට නොහැකිවී ඇත්තේ, සංවිධායක මණ්ඩලයෙන් සිදුවූ අතපසුවීමක් හේතුවෙනි.

ඔහු සම්මානයකට නිර්දේශ වී ඇති බව දන්වා නොතිබූ අතර, ඊට අදාළ ආරාධනා පත්‍රය හො ලබා දීමට පියවර ගෙන නොමැත.

ඔහුට මෙන්ම ඉහත සඳහන් කළ ග්‍රේෂන් ධනංජයට ද ඒ පිළිබඳව දැනගැනීමට නොහැකිවූ බව වාර්තා වේ.

මේ අතර, දක්ෂතම යොවුන් ක්‍රීඩිකාව ලෙස කෙටි දුර ධාවන ශූරී රුමේෂිකා රත්නායක නිර්දේශ විය.

ඉහත සම්මානවලට අමතරව, මලල ක්‍රීඩාව වෙනුවෙන් කණිෂ්ඨ අංශයෙන් ශ්‍රී ලංකාව රුසියාෙව්දී ආසියානු පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කල වයස අවුරුදු 16න් පහළ 400×4 බාලිකා කණ්ඩායමට සම්මාන හිමිවිය.

වසරේ දක්ෂතම කණිෂ්ඨ ක්‍රීඩකයා ලෙස ශාලික සන්තූෂ් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

සම්මාන උළෙලේ පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සම්මාන සඳහා නිර්දේශ වී සිටි සියලුම දෙනා, මලල ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවකි.

අමරා ඉන්දුමතී, නිතරගයෙන් වසරේ පැරා ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබද්දී, රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් ලැබූ දිනේශ් හේරත් වසරේ පැරා ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකරගැනීමට සමත්විය.

ඒ සඳහා නිර්දේශ වී සිටි අනෙක් ක්‍රීඩකයන් වන්නේ, අනිල් ප්‍රසන්න ජයලත් හා චූලදාස යන ක්‍රීඩකයන් වේ.

ඊට අමතරව, නිර්දේශිත නාමයන් අතරට සජිත් ජයලාල්, අමිල ප්‍රසන්න හා සුජිත් අබේසේකර යන මලල ක්‍රීඩා පුහුණුකරුවන් ද නිර්දේශවී සිටියේය.

[srizonfbalbum id=2]

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

16 hours ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

16 hours ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

3 days ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

2 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

2 weeks ago

WORLD RECORD 6.24 metres in Pole Vault at China

Sweden's Armand 'Mondo' Duplantis opened his outdoor season in stunning fashion on Saturday(20) as he…

2 weeks ago