මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෘනායි හී පුහුණුවරම්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ක්‍රීඩ ක්‍රීඩිකාවන් වෙනුවෙන් විශේෂ පුහුණු අවස්ථාවක් ලබා දීමට අවධානය යොමුව තිබේ.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති උත්සවයක දී මලල ක්‍රීඩකයන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

“අපට ප්‍රමිතියෙන් යුත් කෘතීම ධාවන පථයක් නොමැතිවීම නිසා මලල ක්‍රීඩකයන්ට මෙම අවස්ථාව ලබා දීමට අවධානය යොමු කළා. ආසියානු ශූරතා තරගාවලියට පෙර ප්‍රධාන පෙළේ ධාවන පථයක පුහුණු කටයුතු සිදු කිරීම වාසි සහගත වීම නිසා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරනවා.” – දයාසිරි ජයසේකර – ක්‍රීඩා අමාත්‍ය

 

ලබන මස 1-2 යන දිනයන්වලදී පැවැත්වෙන තේරීම් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

එලෙස තෝරාගන්නා කණ්ඩායම සති දෙකක හෝ තුනක කාලයක් සඳහා බෘනායි වෙත යැවෙනු ඇත.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජූලි මස 6 වැනි දා සිට 9 වැනි දා දක්වා ඉන්දියාවේ ඔඩිෂා හී, බුබනේස්වර් හිදී පැවැත්වේ.

2015 වසරේදී චීනයේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව එක් ලෝකඩ පදක්කමකින් පමණක් සෑහීමට පත්වුවත්, මෙවර තරගාවලියේදී ඊට වැඩි පදක්කම් සංඛ්‍යාවක් බලාපොරොත්තුවෙන් පසුවේ.

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org