“දුන්න”ට ටොරින්ටන් දීමෙන් මලල ක්‍රීඩකයන් කොට උඩ

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ටොරින්ටන් ක්‍රීඩාංගණය, මලල ක්‍රීඩකයන් වෙනුවෙන්, කොළඹ දී, පුහුණුකටයුතු සිදුකිරීමට ඇති එකම ස්ථානයයි.

සුගතදාස ක්‍රීඩාංගණය පුහුණුකටයුතු සඳහා ලබා නොදීම හා, දියගම ක්‍රීඩාංගණයට ඇති දුර සැලකිල්ලට ගැනීමේදී, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලන්ටම පාහේ ක්‍රීඩා කිරීමට හා පුහුණුවීම් සිදුකිරීමට ඇත්තේ ටොරින්ටන් ක්‍රීඩාංගණය පමණි.

කෙසේ වෙතත්, අද (03) දිනයේදී, ක්‍රීඩාංගණය දුනු විදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙන් කර දීම හේතුවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්, සිය පුහුණුවීම් සිදුකිරීමට නොහැකිව අපහසුතාවට ලක්ව ඇතැයි වාර්තා වේ.

පාසල් නිමවීමෙන් පසුව, පුහුණුකටයුතු සඳහා ටොරින්ටන් ක්‍රීඩාංගණය වෙත පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට බලාපොරොත්තු අතහැර නැවත නිවෙස් බලා යාමට සිදුව තිබේ.

දුනු විදීමේ ක්‍රීඩාව සිදු කරන අවස්ථාවේදී, අවධානමක් ගනිමින්, පුහුණුකටයුතු සිදුකල නොහැකිවීම හේතුවෙන්,මලල ක්‍රීඩකයන්ට පස්වරු 4 පමන වනතුරු බලා සිටීමට සිදුව ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිව ඇති, ටොරින්ටන් ක්‍රීඩාංගණය දුනුවිදීමේ ක්‍රීඩාවට ලබා දීම අසධාරණ නොවූවත්, මලල ක්‍රීඩකයන්ට ඇති එකම ක්‍රීඩාංගණය කලින් දැනුවත් කිරීමකින් තොරව ඊට ලබා දීමෙන්, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවකට ලක් කර තිබේ.

කොළඹ අවට දුනුවිදීමේ ක්‍රීඩාව, සිදුකිරීමට හැකි ක්‍රීඩාංගණ බොහෝ ප්‍රමාණයක් තිබියදී, මෙම ක්‍රීඩාංගණයම ඊට ලබා දීම ගැන මලල ක්‍රීඩකයන් අප්‍රසාදය පල කරයි.

ඡායාරූප – ෆේස්බුක් වෙබ් අඩවිය  හරහා

 

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org