ටොරින්ටන් නඩත්තු කරනවා ද? ඉබේ නඩත්තු වෙනවා ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

මේදිනවල පවතින උෂ්ණාධික කාළගුණ තත්වය හේතුවෙන්, ක්‍රීඩාංගණ ද අධීක ලෙස වියලීමට ලක්ව තිබේ.

ටොරින්ටන් ක්‍රීඩාංගණයට ද ඇත්ව ඇත්තේ ද එම ඉරණමයි.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන්ව ඇති එකම ක්‍රීඩාංගණය වන ටොරින්ටන් ක්‍රීඩාංගණයට මෙවන් ඉරණමක් අත්ව තිබීම මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සිදුකිරීමට නොහැකි තත්වයක් උදාව තිබේ.

මෙවැනි කාලයකදී, හෝ අමතර අවධානයක් යොමුකරමින්, ක්‍රීඩාංගණය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යෝග්‍ය තත්වයක පත්වාගෙන යෑමට බළධාරීන්ගේ අවධානය යොමුව නැති බව පෙනී යයි.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් තම පුහුණුවීම් සිදු කරන, ටොරින්ටන් ක්‍රීඩාංගණය අරාජික තත්වයකට පත්ව ඇත.

විශාල මූල්‍ය වියදමක් දරමින්, විදුලි පහන් කුළුණු සවිකර ඇති ටොරින්ටන් පිටියේ, තණතිල්ල ආරක්ෂා කිරීමට අවධානය යොමු නොවීම දෛවයේ සරදම් ලෙස සැලකිය හැක.

පවතින කාළගුණය සැලකිල්ලට ගෙන, ක්‍රීඩාංගණයට ජලය යෙදීමට හෝ අතිරේක අවධානයක් යොමුකළ යුතු නොවේ ද ?

රේස්කෝස් එක දෙන්න බැරිද ?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනතුරුවලින් වලක්වා ගැනීමට නිළධාරීන්ගේ හා බළධාරීන්ගේ අවශ්‍යතාවක් ඇත්නම්, ඉදිරි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සැලකිල්ලට ගෙන හෝ මොවුන්ට රේස් කෝස් (තුරඟ තරග පිටිය) පිටිය හෝ පුහුණුකටයුතු සඳහා වෙන් කර දීමට හැකියාව තිබේ.

රග්බි ක්‍රීඩාව සඳහා පමණක් වෙන්කර ඇති එම ක්‍රීඩාංගණය මුදල් ගෙවා වෙන්කර ගැනීමේ හැකියාව පාපන්දු පුහුණු පාසල් වෙත ලබා දෙන වටපිටාවක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ද ලබා දිය හැකිය.

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org