පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට, මලල ක්‍රීඩාවෙන් නවක තරු 6ක් 

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා  හයදෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩා කණ්ඩායමක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කර තිබේ.

එම කණ්ඩායමට අමිල ප්‍රසන්න මහතා යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවක සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක් වේ.

අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩයේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම්  ලබයි.

පසුගියදා අවසන් වූ කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී ඉහත වයස් කාණ්ඩයෙන්, නව තරගාවලි වාර්තා  සමගින් මීටර් 400 ඉසව්ව ජයගත් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත් හා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ මීටර් 100 කඩුලු මතින් දිවීමේ ක්‍රීඩක ශෙෂාන් කාරියවසම්ට අමතරව මීටර් 100 ඉසව්ව නව තරගාවලි වාර්තාවක් සමගින් ජයගත් ලයිසියම් ජාත්‍යන්තර විදයාලයේ සචිනී දිව්‍යාංජලී, අමිල ප්‍රසන්න මහතා යටතේ පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.

ඊට අමතරව ඉහත තරගාවලියේ දී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව, නව තරගාවලි වාර්තාවක් සමගින් ජයගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද සංකල්ප හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දුර පැනීමේ ක්‍රීඩක ප්‍ර මෝද් මධුභාෂන ද ශ්‍රී ලංකා කණ්ඩාමට ඇතුළත් ව සිටියි.

ඊට අමතරව කණ්ඩායමට එක්ව සිටින්නේ, කෑගල්ල බාලිකා විද්‍යාලයේ මීටර් 400 ඉසව්වේ යොවුන් ශූරියක වන සඳුමිනි චවිප්‍රභාවී බණ්ඩාර යි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම සඳහා ලබා දී ඇති, පරිසාධන මට්ටම සැපිරීමට මින් සමත්ව ඇත්තේ, එක් ක්‍රීඩකයෙකු පමණක් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටු සභාපති සමන් කුමාර මහතා සඳහන් කළේය.

ජාතික ඔලිම්පික් කමිටුව විසින්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ලබා දෙන කෝටාවට අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දීම හේතුවෙන්, පසුගිය කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ලබා දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම කණ්ඩායම තෝරා ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

2015 වසරේ සමෝවා හී දී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ  මලල ක්‍රීඩා ඉසව් වලදී රිදී පදක්කම බැගින් හිමිකරගැනීමට ශ්‍රි ලංකාවේ යමානී දුලංජලී (400 කඩුලු) හා රොෂාන් ධම්මික (උස පැනීම) සමත්විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල මෙවර බටහිර ඉන්දීය කොදෙව් හී බහාමාස් හී සත්කාකරත්වයෙන් ලබන ජූලි මස 19 වැනි දා සිට 23 වැනි දා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

රවිෂ්ක ඉන්ද්‍රජිත් – කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය –  මීටර් 400 -48.87 sec

ශෙෂාන් කාරියවසම්  – ශාන්ත ජෝසප් විද්‍යාලය – මරදාන – මීටර් 100 කඩුලු මතින් දිවීම-14.41 sec

සචිනී දිව්‍යාංජලී  – ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, වත්තල – මීටර් 100 -12.26 sec

නවෝද සංකල්ප – මහින්ද විද්‍යාලය – මීටර් 400 කඩුලු මතින් දිවීම-53.72 sec

ප්‍ර මෝද් මධුභාෂන – මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව – දුර පැනීම-6.99m

සඳුමිනි චවිප්‍රභාවී බණ්ඩාර –  කෑගල්ල බාලිකා විද්‍යාලය – මීටර් 400  -57.38 sec

 

 

www.ceylonathletics.com

Recent Posts

UAE Athletics Grand Prix, Yupun and Nadeesha finished on the podium

Commonwealth Games medalist Yupun Abeykoon placed 3rd in the 100m Finals (10.18 seconds) at the…

6 days ago

UAE Athletics Grand Prix: Sri Lankan Athletes Ready to Shine in Dubai

In an exciting development, Sri Lanka’s top track and field athletes are gearing up to…

1 week ago

US visa issues deny Sri Lanka Olympic qualifying opportunity in Bahamas

Sri Lanka will not be able to field their formidable men’s 4×400 metres relay quartet…

1 week ago

Sri Lanka bag five medals at Asian Junior (U20) Athletics Championships

Madushani Herath won the triple jump silver. Dharsha’s long-standing Asian Junior record crumbles All four…

1 week ago

SL Aims for More Medals at the Asian Junior in Dubai

Sri Lanka is ready to send a strong junior (U20) team to compete in the…

3 weeks ago

මලල ක්‍රීඩාවට බිසී මාසයක් – ජාත්‍යන්තර තරග රැසක්

මලල ක්‍රීඩාවට කාර්‍ය බහුල මාසයක් ලෙස එළඹෙන මැයි මාසය හඳුන්වා දිය හැකියි. ඒ ජාත්‍යන්තර තරගාවලි…

3 weeks ago