[Video] අවසන් තත්පර දශමයේ වාසියෙන් ගයන්තිකා හා ඉඳුනිල් ඉන්දියාව හඬවයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර චීන තායිපේ හීදී අද අවසන් විය.

එහිදී මීටර් 800 ඉසව්වෙන්, රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා දීමට පිළිවෙලින්, ඉඳුනිල් හේරත් ගයන්තිකා අබේරත්න හා නිමාලී ලියනාරච්චි සමත්විය.

මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගීවූ නිමාලි ලියනාරච්චි හා ගයන්තිකා අබේරත්න කෙරෙහි ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නැංවුනේ, ඊට පෙර පැවැති තරග ඉසව්වලදී මෙරට ක්‍රීඩකයන්ගෙන් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය නොවීම හේතුවෙනි.

තරග ආරම්භයේ සිට ඉදිරියක් ලබා ගනිමින්, ධාවනයේ යෙදීමට ඉන්දියාවේ ටින්ටු ලූකා සමත්වීමත් සමග, ගයන්තික අබේරත්න ද ඉතිරි ක්‍රීඩිකාවන්ගෙන් මිදී ඉදිරියක් ලබා ගනමින් ධාවනයේ යෙදින.

ටින්ටු ලූකා අවසන් මීටර් කිහිපය තෙක් ඉදිරිය තහවුරු කරගනිමින් ධාවනයේ යෙදුණද, ගයන්තිකා අබේරත්න මැනවින් කාලය හා ශක්තිය භාවිත කරමින් අවසන් මීටර කිහිපයේදී, ඉන්දීය ක්‍රීඩිකාව අභිබවා යෑමට සමත්විය.

ඒ අනුව මිනිත්තු 2:03.87 කාලයකින් තරගය අවසන් කළ ද පළමු අදියර දෙකේ දී, පසුබෑමකට ලක්ව සිටි ඇයට එම ජයග්‍රහණය අස්වැසිල්ලක් වූවාට සැක නැත.

ගයන්තිකා පළමු අදියරේ දී ලෝකඩ පදක්කම දිනාගත් අතර, දෙවැනි අදියරේදී හිමිකරගත්තේ පස්වැනි ස්ථානයයි.

මීටර් 800 ඉසව්වේ ප්‍රධාන ක්‍රීඩිකාව වූ නිමාලී ලියනාරච්චිට අද තුන්වැනි ස්ථානය හිමිවිය. ඇය මේ වනවිට යම් ආබාද තත්වයකින් පෙළෙන බවට වාර්තා වන අතර, ඉදිරි කාලයේ දී ඊට ප්‍රතිකාර ගැනීමට නියමිත බවද වාර්තාවේ.

තරගයේ වීඩියෝව

මේ අතර, මීටර් 800 පිරිමි ඉසව්වේ දී නැවතත් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඉඳුනිල් හේරත් සමත්වීම කැපී පෙනින.

එම ඉසව්වේ, වැඩි දක්ෂතා දක්වා තිබූ ඉන්දීය ක්‍රීඩක ජින්සන් ජොන්සන් අභිබවා යෑමට ඉඳුනිල්ට තුන්වැනි වරටත් හැකිවීම විශේෂත්වයක් විය.

ජොන්සන් මීනිත්තු 1:45 ක දක්ෂතාවක් දක්වමින් පසුගිය වර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පවා සුදුසුකම් සැපිරූ ක්‍රීඩකයෙකු වුව ද, ඔහුට ඉඳුනිල් හමුවේ අවස්ථා තුනේදීම පරාජය වීමට සිදුවිය.

අද තරගයේ දී ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් හිමිකරගනිමින් ජොන්සන් ඉදිරියක් ලබමින් ධාවනයේ යෙදුනද, තරගයේ අවසන් මීටර් 50 ක ප්‍රමාණයේ දී වේගවත් ධාවනයක යෙදුණු ඉඳුනිල්, ජොන්සන් වෙතින් ජයග්‍රහණය සොරා ගැනීමට සමත්වූයේ තත්පර දශම 0.01 කිනි.

ඉඳුනිල් මිනිත්තු 1:51.34 කින් තරගය නිමකරද්දී, ජින්සන් ජොන්සන් තරගය අවසන් කළේ 1:51.35 කිනි.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ පළමු අදියරේ දී, ඉඳනිල් රන් පදක්කම දිනා ගත් අතර, දෙවැනි අදියරේදී හිමිකරගත්තේ 5 වැනි ස්ථානයයි. එම අදියරේදී ජිනසන් ජොන්සන්ට හිමිවූයේ 7 වැනි ස්ථානයය.

තරගයේ වීඩියෝව

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා

  1. 800m – ඉඳුනිල් හේරත් – 1:51.34 රන්
  2. 800m – ගයන්තිකා අබේරත්න – 2:03.87 රන්
  3. 800m – නිමාලි ලියනාරච්චි – 2:06.30 ලෝකඩ
  4. 100m – හිමාෂ ඒෂාන් – 10.41 – 4 වැනි ස්ථානය
  5. 100m – රුමේෂිකා රත්නායක – 11.81 – 5 වැනි ස්ථානය
  6. 400m – අජිත් ප්‍රේමකුමාර – 47.89 – 5 වැනි ස්ථානය
  7. යගුලිය – තාරිකා ප්‍රනාන්දු – 14.15 – 5 වැනි ස්ථානය
  8. හෙල්ල විසිකිරීම – සුමේධ රණසිංහ – 72.23 – 7 වැනි ස්ථානය
  9. තුන්පිම්ම – සංජය ජයසිංහ – 15.23 – 6 වැනි ස්ථානය
  10. උස පැනීම – තරංගා විනෝදනී – 1.65 (අවම උස සීමාව තරණය කළේ නැත)

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org