ගුවන් තොටේ ගැටලුවක් හේතුවෙන් හෙල්ල විසිකිරීමේ ශූර වරුණට ග්‍රොන් ප්‍රී තුන්වැනි අදියර අහිමිවේ

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක වරුණ ලක්ෂාන්ට ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි අදියර හිමිව තිබේ.

ඒ, පළමු හා දෙවැනි අදියරයන් පැවති චීනයේ සිට, චීන තායිපේ වෙත පැමිණීමේදී උද්ගතවූ ගැටලුවක් හේතුවෙනි.

වරුණ ගෙනගිය හෙල්ල, ගුවන් යානයෙන් ගෙන යාම සඳහා අවශ්‍ය විධිවිදාන සලසා නොතිබීම මත අතිරේක මුදලක් ගෙවීමට සිදුවීම ඊට හේතුවන ව තිබේ.

ඒ අනුව, වරුණ Hangzhou Xiaoshan ගුවන් තොටුපොලේ නවත්වා අනෙක් ක්‍රීඩකයන් චීන තායිපේ වෙත ළඟාව ඇත.

කෙසේ වෙතත්, මෙම තත්වය මත වරුණ ලක්ෂාන් නැවත, ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් ගමන්වලදී, අපහසුතාවන්ට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.

සාමාන්‍ය ගුවන් මගියෙකු වෙනුවෙන්, වෙන්වන ප්‍රවේශ පත්‍ර සහිතව ගමන් කිරීමේ දී මෙවැනි අපහසුතාවන්ට ලක්වන බව තතු දන්නන් පවසයි.

ක්‍රීඩා කණ්ඩායමක් ගමන් කිරීමේ දී ගෙන යෑමට සිදුවන ක්‍රීඩා උපකරන සඳහා ඇතැම් ගුවන් සේවාවන්ට අතිරේක මුදලක් ගෙවීමට සිදුවේ. ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වමින් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේදී, සාමාන්‍ය ගුවන් මගියෙකු සේ සලකා ක්‍රියා කිරීමට ගුවන් තොටුපල වලදී ක්‍රියා කරයි. දේශීය ගුවන් ගමන් සඳහා යොදාගන්නා කුඩා ගුවන් යානාවල ගමන් කිරීමේ දී මෙවන් අපහසුතාවන්ට වැඩිවශයෙන් ලක්වන අතර, ඊට ප්‍රතිකර්මයක් ලෙස ගමනට පෙර අවධානමට සූදානම් වීම සිදුකල යුතුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ චීන තායිපේ වෙත ළඟා වුවද වරුණට අද දිනයේ ද ගුවන් යානයක ඉඩ හිමිව නොතිබීම මත, නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතවේ.

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තුන්වැනි අදියර හෙට චීන තායිපේ හීදී පැවැත්වේ.

පළමු හා දෙවැනි අදියර වල දී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්වූ, ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට දිනයේදී ඊට අවස්ථාව හිමිවේ.

වරුණ පසුගියදා පැවති තේරීම් තරගාවලියේදී මීටර් 82 ක දක්ෂතාවක් දැක්වීමට සමත්විය

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org