කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නවක තරු රැසක් දිලෙයි – දක්ෂයා වෙන්නප්පුව හෂිණි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

තුන්පිම්ම බාලිකා ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිටුවූ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ හෂිණී ප්‍ර බෝදා ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීමට සමත්විය.

ශ්‍රී ලංකා වාර්තාව හිමි මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ විදූෂා ලක්ෂානිගේ පැවති වාර්තාව බිඳ හෙළු හෂිණී ප්‍ර බෝදා, විදුෂා සමගින් පිලිප් රංජිත් පුහුණුකරු යටතේ පුහුණුවන ක්‍රීඩිකාවක් වීමද විශේෂත්වයකි.

පසුගිය සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී ද දක්ෂතම ක්‍රීඩිකාව වූ හෂිණී ප්‍ර බෝදා මීටර 13.2 ක දක්ෂතාවක් දැක්වීමට මෙම තරගාවලියේදී සමත්විය.

මෙවර තරගාවලියේදී, නව තරගාවලි වාර්තා 21 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ අතර, එහිදී ගුවන් හමුදාව නියෝජනය කරන, නිර්මාලී මධුෂිකා හා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අස්මිකා හේරත් තරගවාර්තා දෙක බැගින් අලුත් කිරීම කැපී පෙනින.

 

 

මෙවර වාරතා වූ, තරගාවලි වාර්තා ලයිස්තුව

අස්මිකා හේරත්

මෙම තරගාවලියේදී, ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට පරිසාදන මට්ටම පසු කිරීමට ඉහත සඳහන් කල අස්මිකා හේරත්, ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද්‍යා සංකල්ප හා කොටහේන බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත් සමත්වීම විශේෂත්වයකි.

රවිෂ්ක ඉන්ද්‍රජිත් වයස 18 න් පහළ මීටර් 400 ඉසව්වට සහභාගීවෙමින්, තත්පර 49 ට අඩු කාලයක් වාර්තා කිරීමට සමත්විය.

රවිෂ්ක ඉන්ද්‍රජිත්

මේ අතර, තුන්පිම්ම බාලක ඉසව් වලදී, ජ්‍යේෂ්ඨයන් පරාජය කරමින්, වසරේ හොඳම දක්ෂතාව දැක්වීමට අතීත කරුණාසිංහ සමත්විය.

නව තරගාවලි වාර්තාවක් ද වූ මීටර් 16.13 ක දක්ෂතාව මෙම වසර තුළ මෙරට ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම

නවෝද්‍ය සංකල්ප

දක්ෂතාව වේ.

පොදුරද මඩුලු යොවුන් පදක්කම් ලාභී, අඹගමුව මධ්‍ය විද්‍යාලයේ යමානී දුලාංජලී, මෙවර ද වැඩි ගෞරව හිමිකරගත්තේ, ඇය සහභාගී වූ ඉසව් තුනක දී රන් පදක්කම් ලබා ගනිමිනි.

 

 

මධාරා වීරසූරිය (වම) සචිනි විද්‍යාංලී (මැද)

ඇය මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ දී, නව තරගාවලි වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගත් අතර, මීටර් 200 හා 400 ඉසව්ව ද ජය ගැනිමට සමත්විය.

සදීපා හෙන්ඩර්සන්

මේ අතර, කෙටි දුර ධාවන ඉසව්වලදී, කාගේත් අවධානය හිමිකරගැනීමට ගේට්වේ විද්‍යාලයේ සදීපා හෙන්ඩර්සන්, ලයිසියම් විද්‍යාලයේ සචිනී දිව්‍යාංජලී, හා මහනුවර ස්වර්ණමාලී විද්‍යාලයේ අමාෂා ද සිල්වා සමත්විය.

වයස 16 න් පහළ කාණ්ඩයෙන්, සදීපා මීටර් 200 තරගාවලි වාර්තාවක් හා 400 ඉසව්වලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූ අතර, සචිනී දිව්‍යාංජලී වයස 18 න් පහළ මීටර් 200 හා 100 ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීමට සමත්විය.

වයස 20 න් පහළ බාලිකා මීටර් 100 අවසන් තරගයේදී පෙරළිකාර ජයක් වාර්තා කිරිමට ස්වර්ණමාලී විද්‍යාලයේ අමාෂා ද සිල්වා සමත්වූයේ, මීට පෙර එම ඉසව්වේ වැඩි දක්ෂතා දක්වූ තිබූ ගේට්වේ විද්‍යාලයේ ශර්මිලා ජෑන් හා මහනුවර විහාරමහා දේවී බාලිකා විද්‍යාලයේ සෆියා යමීක් පරාජය කරමිනි.

මීටර් 100 බාලක අවසන් තරගවලදී ද අවසානවන්ත අවස්ථා කිහිපයක් වාර්තා විය.

වයස අවුරුදු 16 න් පහළ ඉසව්වේ ප්‍රධාන බලාපොරොත්තුවක් වූ හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ ශෙමාල් මිලින්දගේ ආරම්භය අසාර්ථක වීම හේතුවෙන්, ඔහුට හිමිවූයේ තුන්වැනි ස්ථානයයි.

ඉසව්වේ ජය ගාල්ල මහින්ද විද්‍යාලයේ එච්.එස්. මල්වැන්න හිමිකරගැනිමට සමත්විය.

වයස අවුරුදු 18 න් පහළ 100 අවසන් තරගයේ ජයග්‍රහණය සඳහා අවධානය යොමුවූ, ශෙහාන් රාජපක්ෂට තරග අතරතුර ආබාදයකට ලක්වීමට සිදුවිය. ඒ අනුව ඇඹිලිපිටිට මොරකැටිය මහ විද්‍යාලයේ සුරාජ් දිනූෂ ජයවාර්තා කළ අතර, තත්පර 10.98 ක කාලයක් වාර්තා කළ ද චමෝද් යෝදසිංහට හිමිවූයේ දෙවැනි ස්ථානයයි.

අවුරුදු 20 න් පහළ අවසන් තරගයේදී ද, පෙරමුණ තහවුරු කරගෙන සිටි, ගේට්වේ විද්‍යාලයේ ආසිරි විජේසේකරට ද මස්පිඩු ආබාදයකට ලක්වීම හේතුවෙන් දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වද්දී, මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ ජී.සී.රණවීර එම ඉසව්වේ ජය තහවුරු කරගැනීමට සමත්විය.

ජාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවය – 2017

අවුරුදු 16 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩිකාව-
සදිනි කවීෂා – විජිත මමවි – දික්වැල්ල
දුර පැනීම – මීටර් 5.48 නව තරග වාර්තාවකි

අවුරුදු 16 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩකයා-
ශෙමාල් මිලින්ද පෙරේරා – ශාන්ත මරියා විද්‍යාලය – හලාවත
මීටර් 200 – තත්පර 22.68

අවුරුදු 18 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩිකාව-
ඊ අෂ්මිකා හේරත් – කුලියාපිටිය මමවි
මීටර් 2000 බාධක – විනාඩි 6:59.96 නව තරග වාර්තාවකි

අවුරුදු 18 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩකයා-
ශෙහාන් කාරියවසම් – ශාන්ත ජෝශප් විද්‍යාලය – කොළඹ 10
මීටර් 110 කඩුළු – තත්පර 14.41 නව තරග වාර්තාවකි

අවුරුදු 20 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩිකාව –
හෂිනි ප‍්‍රබෝධා බාලසූරිය – ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය – වෙන්නප්පුව
තුන් පිම්ම – මීටර් 13.20 නව තරග වාර්තාවකි

අවුරුදු 20 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩකයා –
නිපුන් කාවින්ද කල්දේරා – ලොයොලා විද්‍යාලය – කොච්චිකඬේ
දුර පැනීම – මීටර් 7.52 නව තරග වාර්තාවකි

අවුරුදු 23 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩිකාව –
නිර්මාලී මදුෂිකා – ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව
මීටර් 400 – තත්පර 55.10 නව තරග වාර්තාවකි

අවුරුදු 23 න් පහල දක්‍ෂතම ක‍්‍රීඩකයා –
ග්‍රේෂන් ධනංජය – ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව
දුර පැනීම – මීටර් 7.83 නව තරග වාර්තාවකි

2017 ජාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ දක්‍ෂතම මලල ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව

හෂිනි ප‍්‍රබෝධා බාලසූරිය – ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය – වෙන්නප්පුව
තුන් පිම්ම – මීටර් 13.20 නව තරග වාර්තාවකි

 

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org