ආසියානු ග්‍රොන් ප්‍රී – සීත කාළගුණය දෙවැනි අදියරට අභියෝගයක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි අදියර හෙට චීනයේ බස්නාහිර කොටසට වන්නට පිහිටා ඇති ජයාසිං ( Jiaxing) හිදී පැවැත්වීමට නියමිතවේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු මීට සහභගීවීමට නියමිතය.

පළමු අදියරේ දී පදක්කම් හිමිකරගත්තද උපරිම දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි අදියර ද අභියෝගයක් වන බව වාර්තාවේ.

පළමු අදියරේ තරග තොරතුරු හා දක්ෂතා මෙතැනින් කියවන්න

ග්‍රොන් ප්‍රී තරගාවලියේ තොරතුරු

වර්ෂාව සහිත කාළගුණයක් පවතින ප්‍ර දේශයේ උෂ්ණත්වය, සෙල්සියස් අංශක 10 සීමාවට අඩු බවට වාර්තාවීම හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තත්වය යටතේ තරග වැදීමට සිදුවේ.

අද තම අවසන් පුහුණු සැසි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවූයේ, ශරීර උණුසුම පවත්වා ගැනීමේ ඇඟලුම් සහිතවය.

තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම

ඉඳුනිල් හේරත් – මිටර් 800 පිරිමි
ගයන්තිකා අබේරත්න – මීටර් 800 කාන්තා
නිමාලි ලියනාරච්චි – මීටර් 800 කාන්තා
හිමාෂ ඒෂාන් – මිටර් 100 පිරිමි
රුමේෂිකා රත්නායක – මිටර් 100 කාන්තා
අජිත් ප්‍රේම කුමාර – මීටර් 400 පිරිමි
සංජය ජයසිංහ – තුන් පිම්ම පිරිමි
තාරිකා ප්‍රනාන්දු – යගුලිය විසිකිරීම කාන්තා
සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම පිරිමි
වරුණ ලක්ෂාන් – හෙල්ල විසිකිරීම පිරිමි
තරංගා විනෝදනී – උස පැනීම කාන්තා

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org