Video: මීටර් 800 වාර්තාවේ සියළු දොස් නිවාරණය වෙයි

By www.ceylonathletics.com | | Sinhala

වසර 24 ක් පැරණි මීටර් 800 කාන්තා ඉසව්වේ වාර්තාව යාපනය දුරේ අප්පා ක්‍රීඩාංගණයේදී බිඳ වැටුණු අවස්ථාවේ දී, නොයෙක් ආකාරයේ මත ඉදිරිපත් විය. එම තරගය කෘතීම ධාවන පථයක නොපැවත්වීම හා ඉලෙක්ට්‍රොනික කාල ගණනය කිරීමේ යන්ත්‍ර නොමැතිව තරගය පැවැත්වීම යන කරුණු මත පදනම් වෙමින් මෙම අදහස් පළවිය.

කෙසේ වෙතත් පවතින ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව යමින්, එම වාර්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගත්තේය. ඒ අනුව හම්බන්තොට, සූරියවැව උපන් නිමාලී ලියනාරච්චි මලල ක්‍රීඩා වාර්තා පොතට තම නම ඇතුළත් කර ගැනීමට සමත්විය. ඇයට දෙවැන්නා වූ ගයන්තිකා අබේරත්න ද ඉහත වාර්තාව අභිබවා ගොස් තිබිණ.

බාසිලෝනා ඔලිම්පික් උළෙලේ දී ශ්‍රියාණි ධම්මිකා මැණිකේ විසින් තබා තිබූ මිනිත්තු 2:03.87 ක කාලය අභිබවා යෑමට නිමාලි හා ගයන්තිකා සමත්විය.

නමුත් ඇයගේ ජයග්‍රහණයට නොයෙක් දෙනාගේ විවේචන එල්ලවිය, කාල ගණන යන්ත්‍ර නොමැතිව හා කෘතීම ධාවන පථයක තරග නොපැවැත්වීම ක්‍රීඩිකාවගේ වරදක් නොවේ.

එම සියලු චෝදනා නිශ්ප්‍රභා කරමින්, ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී, ගයන්තිකා අබේරත්න මීටර් 800 වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත්විය. ඒ, එදා දුරේ අප්පා ක්‍රීඩාංගණයේදී තමන් අභිබවා යමින් ශ්‍රී ලංකා වාර්තාව සතුකරගත් නිමාලි ලියනාරච්චි පරාජය කරමිනි.

මෙම තරගයේ දෙවැනි ස්ථානයට පත් නිමාලි ලියනාරච්චි ද ශ්‍රී ලංකා වාර්තාව අභිබවා ගොස් තිබිණ.

ගයන්තිකා අබේරත්න – 2:02.55
නිමාලි ලියනාරච්චි – 2:02.58

 

 

Leave a Reply

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org