Video – රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව වටයට

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Videos

රුමේෂිකා රත්නායක පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය

අද පැවැති මූලික වටයේ දෙවැනි තරගයට සහභාගීවෙමින් ඇය මෙම දක්ෂතාව දුක්වූයේ තත්පර 23.43 ක කාලයක් වාර්තා කරමිනි.

මෙම කාලය ඇය පුද්ගලිකව දැක්වූ දෙවැනි හොඳම කාලයයි.

දෙවැනි මූලික වටයේ අටවැනි මංතීරුවේ ධාවනයේ යෙදුනු ඇය දෙවැනි ස්ථානයට පත්වීම විශේෂත්වයක් විය.

ඒ මෙම තරගයට ලෝක පූජිත ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සහභාගී වූ අතර ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු රුමේෂිකාට වඩා දක්ෂතා දැක්වූ පිරිසක් වීම හේතුවෙනි.

ඇය සහභාගීවන  අවසන් පූර්ව වටයේ තරගය හෙට (11) මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වේ.

ඇයගේ තරගයට සහභාගීවන සෙසු ක්‍රීඩිකාවන්

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org