රටේ ක්‍රීඩාව සමඟ සෙල්ලම් කළ නිලධාරීන්ට වැඩ වරදී
|ඒ අනුව මෙම රුමේෂිකාගේ ප්‍රශ්නයෙදී පමණක් නොව මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළව පැවැති දුර්වලතා හා අක්‍රමිකතා සැලකිල්ලට ගැනීමේදී ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර, අධ්යක්ෂ-ක්‍රීඩා අයි. පී. විජේරත්න, සහකාර ක්‍රීඩා අධ්යක්ෂ ආර්.බී. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇති අතර, ඔවුන් ඉදිරියටත් මෙම තනතුරුවල තබා ගන්නවාද? නැද්ද යන්න ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයිද තවදුරටත් දැනගන්නට ඇත. ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් අදියර දින තුනක් පුරා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී එහි පැවැති බරපතළගණුයේ අඩුපාඩු නොදුටු හා නොඇසුණු මෙන් සිටි ක්‍රීඩා අමාත්‍යාංශය යටතේම සිටින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රීඩිකාවක් මූලික තරගයට සහභාගි නොවී අවසන් මහා තරගයකට සහභාගි කළේ යැයි පවසමින් ඊට විරෝධය පෑම විහිළුවකි. හේතුව දැනගන්නට ඇති පරිදි ඇය ජාතික මහා ක්‍රීඩා උළෙලට නියමිත වේලාවට සහභාගි වන්නට කැමැත්තෙන් සිටියද ඇයට එම ප්‍රමාදය සිදුවූයේ ඉහත කී නිලධාරීන්ගේම වරදින් බවට සාක්ෂි ඇත.
කෙසේ වෙතත් එදින සමාප්ති උළෙලේදී දිස්වූ වර්ජනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එහි උපුටා ගැනීම මෙසේය.
“රුමේෂිකා රත්නායක මෙරට අනාගත ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් වන අතර, 2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් මේ වනවිට ඇය ජපානයේ වසිඩා විශ්වවිද්‍යාලයේ පුහුණුවීම් සිදුකරයි. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගිවීමට සැප්තැම්බර් 22 වැනිදාට පෙර ඇය ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතව තිබුණද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අතපසුවීමක් මත එය සිදුවී නොතිබිණි. මේ නිසා ඇයට ලංකාවට පැමිණීමට හැකි වූයේ සැප්තැම්බර් 23දාය. එසේ පැමිණීමෙන් පසු රුමේෂිකා රත්නායක හා සබරගමු පළාත් ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද මහතා විසින් ඇයට තරග කිරීමට අවස්ථාවක් දෙන මෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව එම ඉල්ලීම විශේෂ කමිටුවක් වෙත ඉදිරිපත් කෙරිණි. එම කමිටුව සැකසී තිබුණේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ජේයෂ්ඨ තාක්ෂණික නිලධාරීන් වන පාලිත ජයතිලක, ලාල් චන්ද්‍රකුමාර සහ මලල ක්‍රීඩා සංගමයේ තාක්ෂණික අධ්යක්ෂ ඒ.ටී. නුගේගොඩ යන මහත්වරුන්ගෙනි. මෙම තීරණය පිළිබඳ දැඩි විරෝධයක සිටි උෟව සහ මධ්‍යම පළාත් ක්‍රීඩා නිලධාරී මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ යම් පිරිසක්ද ආචාර පෙළපාළියට සහ ජය සංකේත ප්‍රදානයට සහභාගි නොවූ අතර, මෙම වර්ජනය ජාතික මට්ටමේ සුවිශේෂීත්වය නොසලකා තම පළාතේ රන් පදක්කම ගැන පමණක් සිතා සිදුකළ විරෝධයකි. එමෙන්ම මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතු පිළිබඳව ඉදිරියේදී දැඩි තීරණ කිහිපයක්ද ගැනීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කටයුතු කරනු ඇත.”