ඩෝපිං වලට ඉන්දියාවෙ 40 ක් හසුවෙයි – ශ්‍රී ලංකාවේ යාන්ත්‍රනය කාර්යක්ෂමද ?

තහනම් උත්තේජක භාවිත කිරීම ලෝක මාතෘකාවක් වද්දී ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද 40 ක් පමණ එම වරදට, වරද කරුවන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතරට ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභිනියක් වන ප්‍රියන්කා පන්වර් ද ඇතුළත්ව සිටියි.

ඉන්දියාව තහනම් උත්තේජක නිවාරණය අතින්, ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉතා පසුගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විචාරකයන් සඳහන් කරයි. රාජ්‍ය අනුග්‍රහය ඇතිව, මෙය සිදුකරන බව ද නොරහසකි. කෙසේ වෙතත් ක්‍රීඩා කිහිපයක එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 ක් පමණ වරදකරුවන් බවට පසක් වීමෙන් ම මෙම උවදුරේ බරපතල කම පෙනේ.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වීමට මත්තෙන් මෙරට ක්‍රීඩකයෙකුද අදාල චෝදනාවට වරද කරු බව තහවුරු වීමත් සමග මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයද තිගැස්සින.

අදාල ක්‍රීඩකයා හෙළිකල කරුණු අනුව මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද තහනම් උත්තේජක භාවිත කරන බවට සැලවීමත් සමගින් බළධාරීන්ගේ ඇස් ඇරින. කෙසේ වෙතත් අදාල චෝදනා, චෝදනා පමණක් වීම හේතුවෙන් ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වරද කරුවන් කිරීමේ හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනය පසුගිය කාල සමයේ , වැඩි පිරිවැයක් යොදා තහනම් උත්තේජක නිවාරණය සඳහා වැඩසටහන් සංවිධානය කළේය. එසේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් මේ සම්බන්ධව දැනුවත් කිරීමට ද වැඩි කාලයක් මිඩංගු කළද තව දුරටත් ඉහත කී ද්‍රව්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ගැවසෙන බව තතු දත්තෝ පවසති.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනය සතු මූල්‍ය ප්‍රතිපාදන අනුව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරය පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාව, ප්‍රායෝගකිව දත් නමුත්, විය සිදුරෙන් අහස බලන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ වන බව නොරහසකි.

ඊට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන ඊර්ශ්‍යාවෙන්  අසත්‍ය ප්‍රචාර සිදුකරන්නන් ද සිටීයි. එසේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොදැනුවත්ව පුහුණුකරුවන්ගේ අවශ්‍යතාව මත මෙවැන් දෑ සිදුවන බව ද නොරහසකි.

මෙහි වගකිව යුත්තා ක්‍රීඩා අමාත්‍යංශය වන අතර, එහි නිසි බලධාරියා ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනයයි.

ක්‍රීඩාවේ අනාගතය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය වෙනුවෙන්, ඉදිරි පියවරක් තැබීමට කාලය එළඹ ඇත.

ශ්‍රී ලංකව තුළ සිදු කරන සියලුම තහනම් උත්තේජක පරීක්ෂණ, පර්යේෂණාගාර වෙත යොමු කරනවා ද ?

මෙය බොහෝ දෙනා අතර පැණ නගින ගැටලුවකි.

පාසල් ක්ෂේත්‍රය තුළද තහනම් උත්තේජක භාවිතය අතීතයට සාපේක්ෂව ඉහළ ස්ථානයක් ගෙන තිබෙන බව විචාරක අදහසයි.
ඒ වැරදි හසුවනවා ද ?  හසුකර ගැනීමට හැකි ද ?

ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන්, තහනම් උත්තේජක භාවිතය නැවැත්වීමට කාලය එළඹ ඇත. ජාතික ප්‍රතිපත්තියක් සකසා හෝ මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.

ඉන් ක්‍රීඩාව ආරක්ෂාවනවා මෙන්ම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද අනාගතය ආරක්ෂා කළ හැකිය.

ඔබේ අදහස් හා යෝජනා චෝදනා අපවෙත යොමුකරන්න.

Leave a Reply