ටොරන්ටෝ මැරතන් තරගයේ දී හිරුණිට 16 වැනි ස්ථානය
කැනඩාවේ ටොරන්ටෝ හි දී පැවැති ටොරන්ටෝ වෝටර්ෆ්රන්ට් මැරතන් තරගයට සහභාගී වූ හිරුණී විජයරත්න කාන්තා තරගයේ 16 වැනි ස්ථානයට පත් වූවාය.
ඇය තරගය අවසන් කිරීමට ගත කළ කාලය පැය 2:38:13 ක කාලයක් වන අතර, එය ඇය පුද්ගලිකව වාර්තා කළ තුන්වැනි හොඳම කාලයද වේ.
එසේම ඉහත දක්ෂතාව මෙතෙක් ශ්රී ලංකා ක්රීඩිකාවක මැරතන් ඉසව්වෙන් දැක්වූ ස්ව්වැනි හොඳම දක්ෂතාවයයි.
තරගයේ ජයග්රහණය කෙන්යාවේ මැග්ඩෙලින් මසායි ට හිමි වූ අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් ඉතියෝපියාවේ හා කෙන්යාවේ ක්රීඩිකාවන් දෙදෙනෙකුට හිමි වූවාය.



