Video: වාර්තා පිට වාර්තා අලුත් වූ සුපිරි බාධක තරගය

By www.ceylonathletics.com | | Latest News, International News, Sinhala, IAAF

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්ව වාර්තා අලුත් වූ වේගවත් තරගයක් ලෙස කාගේත් අවධානයට ලක් විය.

තරගය ආරම්භවනවාත් සමගම කෙන්යාවේ බියට්‍රිස් චෙප්කොඑච් තරගයේ ඉදිරිය ලබා ගනිමින් තනිවම වේගවත් ආරම්භයක් ලබා ගත් අතර, සෙස ක්‍රීඩිකාවන්ට ඇය හඹා යාමට තරගය අවසන් වන තුරු චෙප්කොඑච් ඉදිරිය තහවුරු කරගනිමින් වේගවත් අවසානයක් සටහන් කළාය.

ඇයගේ වේගය, අභිබවා යාමට මහත් වෙහෙසක් දැරූ සෙසු ක්‍රීඩිකාවන්ට ද තරගය අවසානයේ සැනසුම් සුසුම් හෙළීමට හැකියාව ලැබිණ.

තරගයේ රන් පදක්කම දිනා ගත් චෙප්කොඑච් තරගාවලි වාර්තාවද අලුත් කරමින් 8:57.84 ක දක්ෂතාවක් දැක් වූ අතර, රිදී පදක්කම දිනා ගත් ඇමරිකායේ එමා කෝබර්න් ද පුද්ගලික හොඳම කාලය (9:02.35) වාර්තා කළාය.

කෝබන් 2017 වසරේ දී ලෝක ශූරතා රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව ද වන අතර, ඇයගේ කාලය වාර්ධනය කරගැනීමට ද චෙප්කොඑච්ගේ වේගවත් තරග අවසානය පිටුවහලක් විය.

තුන්වැනි ස්ථානය දිනා ගත්, ජර්මනියේ ගීසා ක්‍රවුස් ද පුද්ගලික හොඳම කාලය ලෙස 9:03.30 ක දක්ෂතාවක් දක්වමින් එරට ජාතික වාර්තාව තමන් සතු කරගත්තාය.

මෙම තරගයේ දී, පුද්ගලික හොඳම කාලයන් 6 ක් වාර්තා වූ අතර, ඉන් තුනක් ඒ ඒ රටවල ජාතික වාර්තා වීමද විශේෂත්වයක් වේ.

POS BIB ATHLETE COUNTRY MARK
1 1302 Beatrice CHEPKOECH KEN 8:57.84 CR
2 1959 Emma COBURN USA 9:02.35 PB
3 955 Gesa Felicitas KRAUSE GER 9:03.30 NR
4 377 Winfred Mutile YAVI BRN 9:05.68 PB
5 1808 Peruth CHEMUTAI UGA 9:11.08 SB
6 1968 Courtney FRERICHS USA 9:11.27
7 613 Anna Emilie MØLLER DEN 9:13.46 NR
8 1311 Hyvin KIYENG KEN 9:13.53
9 102 Luiza GEGA ALB 9:19.93 NR
10 196 Genevieve GREGSON AUS 9:23.84 SB
11 712 Mekides ABEBE ETH 9:25.66 PB
12 1663 Maruša MIŠMAŠ SLO 9:25.80
13 1492 Karoline Bjerkeli GRØVDAL NOR 9:29.41
14 434 Geneviève LALONDE CAN 9:32.92
1305 Celliphine Chepteek CHESPOL KEN DNF

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org