“රිදුණු සිත් ඇතිව තරග කළ ආසියානු ශූරතාවලිය” ක්රීඩක ක්රීඩිකාවන්ගෙන් ප්රභල පණිවිඩයක්
|කටාර් හී දෝහා නුවර පැවති ආසියානු ශූරතා මලල ක්රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා සුභ සිහින දකිමින් සිටි ශ්රී ලංකා මලල ක්රීඩා කණ්ඩායමට තරගාවලියේ ආරම්භක දිනයේ දී අලුයම කන වැකුණු ප්රවෘත්තිය සිත් සලිත කරවීමට හේතු වූවාට සැක නැත.
තම ඥාති හිත මිත්රාදීන් ශ්රී ලංකාවේ ආරක්ෂිතව සිටිනවා දැයි දැනගැනීමට මෙන්ම, විපතට පත්වූ සිය ගණනක් වූ පිරිස ගැන සිතමින් බලාපොරාත්තු කඩවූ සිතින් ඔවුන්ට තරග වැදීමට සිදුවූවා ට සැක නැත.
ක්රීඩක ක්රීඩිකාවන් බොහෝ පිරිසකට මෙය තදින්ම සිතට කාවැදී තිබුණ ද, ඔවුන් ධෛර්යවන්තව තරග වැදින. පදක්කම් පමණක් බලාපොරෝත්තුවන බළධාරීන්ට ද අභියෝගයක් වෙමින් උපරිම දක්ෂතා අතරට පිවිසීමට බොහෝ දෙනා උත්සාහ කළේය.
කිසිවෙකු නොසිතූ අවතක්සේරු කළ මීටර් 400 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම ද තම උපරිම දායකත්වය ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට සමත් වූවාය. සිව්වැනි ස්ථානයට පත්වුව ද, වසර 20 ක් කිසිදු අභියෝගයක් එල්ල නොවී තිබූ මීටර් 400 සහාය කාන්තා ශ්රී ලංකා වාර්තාව ඉදිරියේ තම නම් සටහන් කිරීමට සමත් වූවාය.
ඔවුන් තරග අවසන් කරමින් වැටී සිටින සහෘද ජනතාවට ප්රභල පණිවුඩයක් දුන්නාය. ඒ, ජාතියෙන් කුලයෙන් ආගමෙන් දේශපාලනයෙන් වෙන් නොවී එක් ධජයක් යටතේ ශක්තිමත්ව නැගී සිටීමේ අත්යවශ්යතාවයි.
තරගාවලියේ සියලුම වීඩියෝ නරඹන්න පිවිසෙන්න
ඔවුන් පළ කළ අදහස් පහතින් දැක්වේ.