අද රටම බලන් සිටින අරුණගෙ සහ අමාෂාගේ අවසන් පූර්ව තරග

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ශූරතා කණිෂ්ඨ (වයස 20 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ අමාෂා ද සිල්වා හා අරුණ දර්ශන අද(12) තම ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සූදානමින් පසුවේ.

තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු හා කාල සටහන 

අමාෂා සිල්වා මීටර් 100 බාලිකා අංශයෙන් පළමු අවසන් පූර්ව තරගයට සහභාගීවන වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 8.30 ට ය.

එහිදී අමාෂා පළමු මංතීරුවෙන් තරග වදින්නේ මින් ඉහත ඇයට වඩා ඉහළ පුද්ගලික දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට එරෙහිවය.

කෙසේ වෙතත් තත්පර 11.71 ක පුද්ගලික දක්ෂතාවක් දක්වා ඇති අමාෂා මෙම තරගයේ දී සිය පුද්ගලික දක්ෂතා වර්ධනය කරගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

අමාෂාගේ තරගයේ ආරම්භක පෙළ ගැස්ම.

LANE BIB ATHLETE COUNTRY PB SB 2018
1 1885 Amasha DE SILVA SRI 11.71 11.71
2 1568 Deondra GREEN CAN 11.62 11.69
3 1702 Keshia Beverly KWADWO GER 11.33 11.35
4 1965 Twanisha TERRY USA 10.99 10.99
5 1869 Marina-Andreea BABOI ROU 11.51 11.51
6 1738 Gina AKPE-MOSES IRL 11.46 11.46
7 1821 Patrizia VAN DER WEKEN LUX 11.59 11.59
8 1517 Riley DAY AUS 11.50 11.50

අමාෂාගේ මූලික වටයේ තරගයේ වීඩියෝව නරඹන්න


මේ අතර, කාගේත් වැඩි අවධානය දිනා සිටින ආසියානු කණිෂ්ඨ රන පදක්කම් ලාභී අරුණ දර්ෂන මීටර් 400 ඉසව්වේ තුන්වැනි අවසන් පූර්ව වටයට සහභාගීවීමට නියමිතය.

මෙරට වේලාවෙන් පස්වරු 10.20 ට එම තරගය පැවැත්වෙන අතර, එහිදී මීටර් 400 න් වර්තමානයේ කණිෂ්ඨ අංශයෙන් වේගවත්ම ක්‍රීඩකයා වන ජැමෙයිකාවේ ක්‍රිස්ටෝපර් ටේලර් ද සහභාවගී වේ.

සිව්වැනි මංතීරුවෙන් ටේලර් තරග වදිද්දී අරුණට හිමිව ඇත්තේ, හයවැනි මංතීරුවයි.

ටේලර්ට අමතරව අරුණට අභියෝගයක් විය හැකි ක්‍රීඩකයන් වන්නේ ඇමරිකාවේ හෝවාඩ් ෆීල්ඩ්ස් (හොඳම කාලය 45.50) හා කැනඩාවේ කාමෙල් ස්ටුවට් (හොඳම කාලය 45.98) වේ.

නමුත් ඔවුන් දෙදෙනාම ලෝක ශූරතාවේ මූලික වටයේ දී පිළිවෙලින් දක්වා තිබූ දක්ෂතාව හොවාඩ් 47.08 හා ස්ටුවට් 47.10 ලෙස සටහන් වේ.

අරුණ තත්පර 46.81 ක කාලයක් වාර්තා කරමින් ඉතා පහසුවෙන් මූලික වටය ජයගත්තේය.

අරුණගේ තරගයේ ආරම්භක පෙළ ගැස්ම.

 LANE BIB ATHLETE COUNTRY PB SB 2018
1 519 Szymon KREFT POL 46.69 46.69
2 468 Ilhwan MO KOR 46.22 46.79
3 642 Howard FIELDS USA 45.50 45.50
4 417 Christopher TAYLOR JAM 44.88 44.88
5 181 Khamal STEWART-BAYNES CAN 45.98 45.98
6 565 Aruna DHARSHANA SRI 45.79 45.79
7 177 Musa ISAH BRN 46.89 46.89
8 316 Jean Paul BREDAU GER 46.71 46.71

අරුණගේ මූලික වටයේ තරගයේ වීඩියෝව නරඹන්න

 

 

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org