ටිකට් අහිමි වූ කණිෂ්ඨයින්ගේ සිහින බොඳවෙයි ගමන නවතීයි | World U20 Championships 2022

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට මෙරට නියෝජනය කරමින් සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඒ කොලොම්බියාව බලා ගමන් කිරීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත් ලබා ගැනීමට නොහැකි වීමෙන්.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අදාල මුදල් වෙන් කර තිබුණද අද පස්වරුව දක්වා අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ බව වාර්තාවේ.

මලල ක්‍රීඩා ආයතනයේ භාණ්ඩාගාරිකවරයා මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයයිය ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටියි.

කොලොම්බියවේ දී ලබන පළවැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගීවීමට නියමිත විය.

ලෝක මලල ක්‍රීඩා අයෙතනයෙන් අදාල විසා පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ලේඛණ ලැබ විසා අයදුම් කළද පවතින තත්ත්වයන් හේතුවෙන් එම ක්‍රියාවලිය පමා වී ඇති බව වාර්තාවෙයි.

කෙසේ වෙතත්, වීසා ලැබෙන තුරු ප්‍රවේශ පත්‍ර වෙන් කර නොගැනීම හේතුවෙන් මෙම ගැටලුව මතුවූ බව වාර්තාවෙයි.

එවකට මිළදී ගැනීමට වෙන්ව තිබූ ප්‍රවේශ පත් අලෙවි වී තිබීම හේතුවෙන් අධික මිලකට ප්‍රවේශපත් ලබා ගැනීමට සිදුවුවත් එම ටිකට් පත්ද ලබා ගැනීමේ අවස්ථාව මේවනවිට අහිමිව තිබේ.

අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියට සුදුසුකම් සැපිරූවේ මීට මාස කිහිපයකට පෙර වුවද අවසන් මොහොත තෙක් සිටීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්.

කණිෂ්ඨ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ජීවිතයේ ලැබෙන විශාලතම ජයග්‍රහණයක් ලෙස ලෝක ශූරතා තරගාවලියකට සහභාගීවීමේ හෝ අවස්ථාව සැලකිය හැකියි.

Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org